ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදයි

ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදයි

ad-bannerදේශීය

Published on 7/4/2020

56 Views

සදාකාලික සැප හා විමුක්තිය සොයා බොහෝ අය විවිධ නිෂ්ඵල ක්‍රියාමාර්ගයන්හි යෙදී සිටි අවධියක මෙයට දෙදහස් හයසිය වසරකට පෙර සිද්ධාර්ථ බෝසත්තුමා නිවැරදි සත්‍ය මාර්ගයක යෙදී උතුම් වූ බුද්ධ රාජ්‍යයට පත් විය.

 

තමා විසින් අවබෝධ කරගත් ඒ ධර්මය බරණැස ඉසිපතනාරාමයේදී දම්සක් පැවතුම් දේශනාව වශයෙන් පස්වග තවුසන් ප්‍රධාන අසීමිත දෙව් බඹුන් උදෙසා ප්‍රථම වරට දේශනා කොට වදාරණ ලද්දේ ඇසළ මස පුර පසළොස්වක පොහොය දිනකය.

 

මුළුලොවට ම ප්‍රඥාලෝකය ලබා දුන් මේ උතුම් පොහොය වෙසක් හා පොසොන් පොහොය තරමටම උසස් කොට සලකති. එදිනම කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් භාවයට පත්වීම ද විශේෂ සිදුවීමකි.

 

ඇසළ පුර පසළොස්වක පොහොය වඩාත් වැදගත් වීමට හේතුවන කරුණු රාශියකි. දහම් හඬ බුදු මුඛයෙන් නිකුත් වූ මේ උතුම් දවසෙහි ම කොණ්ඩඤ්ඤ තවුසාණන් සසුන්ගත වීමත් සමඟ තුණුරුවන් පළමු කොට පහළ වීම නිසාද ඇසළ පොහොය වැදගත් වෙයි. බුදුරදුන් ප්‍රධාන භික්ෂූන් පස් නම එදා ඇසළ පොහෝදා බරණැස ඉසිපතනෙහි වස් විසීමට ආරම්භ කළ සිරිත නො කඩවා දඹදිවත්, මිහිඳු මාහිමියන් ප්‍රධාන දූත පිරිස සැපත් වීමත් සමඟ ශ්‍රී ලංකාවේ මිහින්තලයෙන් ආරම්භ වී මේ දක්වාම පැවතීමත් අසිරිමත් සිදුවීමකි.

 

බුද්ධ රාජ්‍යයට පත් මේ අසම සම උතුමාණන් මෙයට පෙර තුසිත දෙව්ලොවෙහි ඉපිද සිට එයින් චුතව අවුත් මහාමායා මවු කුසෙහි පිළිසිඳ ගැනීම සිදු වූයේ ද ඇසළ පොහෝ දිනකය. ඒ බෝසත් සිදුහත් කුමරා පිය රජතුමන් විසින් ලඟා කරදෙන ලද කම් සැපෙහි ඇලි ගැලී වසමින් සිට සියලු රාජ සම්පත් හැර දා මහබිනික්මනෙහි (ශ්‍රේෂ්ඨ නික්මීමෙහි) යෙදෙන ලද්දේ ඇසළ පොහොය දිනක වීම වැදගත්ය. එපමණක් නොව මේ මහාබිනික්මනෙහි යෙදීමට පෙර සතර පෙර නිමිති දැකීමෙන් අනතුරුව රාජ මාලිගයට පැමිණෙමින් සිටි සිද්ධාර්ථ කුමාරයාට තමා නිසා යසෝධරා දේවියට පුත් රුවනක් ලැබුණ බව දැනගන්නට ලැබුණෙන් ඒ රාහුල කුමරුවන්ගේ උපත සිදු වූයේත් ඇසළ පුන් පොහෝ දිනකය.

 

 

තීර්ථකයන් තුළ පැවැති මාන මදය බිඳ හෙළීම සඳහා ගන්ධබ්බ නම්රුක් මුල් හි දී බුදුරදුන් යමා මහ පෙළහර දැක්වීමත් සමඟ බුදුරදුන්ගේ ශ්‍රේෂ්ඨත්වය අන් ආගමිකයන් අතරද මහත් සේ පැතුරිණි. මේ සිදුවීමත් සමඟ බුද්ධත්වයෙන් සත්වන වස ගත කිරීම පිණිස තව්තිසා දෙව්ලොවට වැඩමවා මාතෘ දිව්‍යරාජයා ප්‍රමුඛ දෙවියන්ට අභිධර්මය දේශනා කිරීමට ආරම්භ කිරීම නිසා මේ පොහොය වඩාත් උතුම් තත්ත්වයට පත් විය.

 

සත්වයාට සදාකාලික සැපත ලබා ගැනීමට මාර්ගය බුදුරදුන් කියාදෙන ලද්දේ ධර්මය තුළිනි. බුද්ධ පරිනිර්වාණය දක්වා හතළිස් පස් වසරක් දේශනා කොට වදාළ ධර්මය පැවතුනේ විසිරුණු මල් ගොඩක් මෙන් අසංවිධානාත්මකවය. මේ තත්ත්වය මග හැරවීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කොට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් රහතන් වහන්සේ අජාසත් රජතුමාගේ ප්‍රධාන දායකත්වය හා ආරක්ෂාව ලබා ගෙන රජගහ නුවර වේහාර පර්වත ප්‍රාන්තයෙහි සප්තපර්ණී ගුහා දොරටුවෙහි ධර්ම සංගායනාවක් පැවැත්වීම සඳහා කටයුතු සංවිධානය ආරම්භ කරණ ලද්දේ බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක් ගතවීමත් සමඟ ඇසළ පොහෝ දිනකය.

 

ලංකා ශාසන ඉතිහාසය දෙස බලන විට ඇසළ පොහෝ දා සිදුවු වැදගත් සිදුවීම් රාශියක්ම ඇති බව පෙනීයයි. මිහිඳු මාහිමියන් බුද්ධ වර්ෂ 236 දී මහමෙවුනා උයනෙහි ප්‍රථම සීමාව සම්මතකොට අරිට්ඨ ඇමැතියන් ප්‍රධාන ලාංකිකයන් පනස් හතර දෙනෙකු ඉහත කී සීමාවේදී මහණ උපසම්පදාවට පත්කරවා ඒ දෙසැටක් පමණ භික්ෂූන් දෙවන පෑතිස් රජතුමා විසින් මිහින්තලයේ කණ්ඨක චෛත්‍යයට නුදුරින් සාදවන ලද අටසැට ලෙන්වල ඇසළ පුන්පෝදා වස් එළඹීමට කටයුතු කිරීම උතුම් අගනා ශාසනික සිදුවීමකි. පසුකාලයකදී හෙවත් බුද්ධ වර්ෂ තුන්සිය අසූ දෙකේ ඇසළ පුන් පෝදා දුටුගැමුණු රජතුමා විසින් රුවන්වැලි සෑ රදුන් ඉදිකිරීමට මහත් උත්සවශ්‍රීයෙන් මුල්ගල් තැබීමද අපට අමතක කළ නොහැකි සිදුවීමකි.

 

බුද්ධ පරිනිර්වාණයෙන් පසු ආදාහනය සිදුකිරීමෙන් අනතුරුව නො විසිරුණු සතර දළදාවන්ගෙන් එක් නමක් කළිඟු රට සිට හේමමාලා කුමරිය හා දන්ත කුමරුවන් විසින් ලංකාවට වැඩම කරවීම ලාංකිකයාට ලැබුණු මහත් වාසනාවකි. එවකට සිරිලක පාලනය කළ කිත්සිරිමෙවන් රජතුමා අනුරාධපුරයෙහි පිහිටි ධම්මචක්කගෙහි නම් මන්දිරයෙහි ඒ උතුම් පූජනීය වස්තුව ඇසළ පෝ දිනයේ ගෞරවයෙන් තැන්පත් කොට එතැන් සිට සෑම වර්ෂයකම ඇසළ පෝදා අභයගිරි විහාරයට පෙරහරින් වැඩමවා ගෙන ගොස් ජනතාවට වැඳුම් පිදුම් කොට ආශිර්වාද ලබා ගැනීම සඳහා අවස්ථාව ලබා දීම අගනා සිදුවීමකි. මහනුවර යුගය වන විට ජනතාවගේ වැඳුම් පිදුම් හා ආශිර්වාදයන්ට ලක් වූ නාථ ,විෂ්ණු ,ස්කන්ධකුමාර, පත්තිනි ආදී දෙවියන්ද සම්බන්ධ කොට පැවැත්වූ මේ පෙරහර අද වන විට මුළු ලෝ වැසියන්ගේ ඉමහත් ගෞරවයට ලක් වූ කලා මංගල්‍යයක් බවට පත්ව ඇත.

 

පසු කාලය වන විට භික්ෂු ශාසනය සම්පූර්ණයෙන් පරිහානියට පත්ව තිබුණි. උපසම්පදා එක නමකුදු නොමැති අවධියෙහි කීර්ති ශී‍්‍ර රාජසිංහ රජතුමා සියම් රටේ අයෝධ්‍ය පුරයෙහි පිහිටි ධම්මචක්කගෙහ නම් මන්දිරයෙහි ඒ උතුම් පූජනීය වස්තුව ඇසළ පෝය දිනයේ ගෞරවයෙන් තැන්පත් කොට එතැන් සිට සෑම වර්ෂයකම ඇසළ පෝදා අභයගිරි විහාරයට පෙරහරින් වැඩමවා ගෙන ගොස් ජනතාවට වැඳුම් පිදුම් කොට ආශිර්වාද ලබා ගැනීම සඳහා අවස්ථාව ලබා දීම අගනා සිදුවීමකි. මහනුවර යුගය වන විට ජනවතාවගේ වැඳුම් පිදුම් හා ආශිර්වාදයන්ට ලක් වු නාථ විෂ්ණු. ස්කන්ධකුමාර, පත්තිනි ආදි දෙවියන්ද සම්බන්ධ කොට පැවැත්වු මේ පෙරහර අද ි ධාර්මික රජතුමාගේ සහායෙන් උපාලි මහා ස්ථවර ප්‍රමුඛ දස වර්ගික සංඝයා වහන්සේ ලංකාවට වැඩමවා වැලිවිට සරණංකර හෙරණපාණන් ප්‍රධාන අය උපසම්පදා සීලයට පත් කොට නිවී පහවී ගිය ශාසනාලෝකය නැවත ඇති කිරීමට ක්‍රියාකරන ලද්දේ ඇසළ පුන් පොහෝ දිනක ය.

 

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner