වෙල්ගමත් ලකුණක් නැති සජිත්ගේ සන්ධානයෙන් තරග කරන්න සූදානම්

වෙල්ගමත් ලකුණක් නැති සජිත්ගේ සන්ධානයෙන් තරග කරන්න සූදානම්

ad-bannerදේශපාලන කතා

Published on 2/16/2020

314 Views

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සජිත් ප්‍රේමදාසගේ ප‍්‍රධානත්වයෙන් පිහිටුවන නව සන්ධානයට ඒක්වන බව දේශපාලන අාරංචි මාර්ග සදහන් කරයි.

 

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී සජිත් ප්‍රේමදාසගේ ප‍්‍රධානත්වයෙන් පිහිටුවන නව සන්ධානයෙන් ඒමහතා තරඟ වැදීමට සුදානමකින් සිටින බවයි වැඩිදුරටත් පැවසෙන්නේ.

 

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඔහු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුණගැසුණු බව ද තොරතුරු වාර්තා වනවා.

 

පසුගිය ජනාධිපතිවරණයේදීද ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුවට විරෝධය පල කරමින් ගෝටාභය රාජපක්‍ෂ මහතාට සහාය දීමෙන් වැලකී සිටියා.

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner