පොහොට්ටුවෙන් සමුගන්නේ නෑ - මෛත්‍රී දැඩි තීරණයක

පොහොට්ටුවෙන් සමුගන්නේ නෑ - මෛත්‍රී දැඩි තීරණයක

ad-bannerදේශපාලන කතා

Published on 3/18/2020

300 Views

පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේම මහමැතිවරණයට තරග කළ යුතු බවට ශ්‍රීලනිප නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි ස්ථාවරයක සිටින බව වාර්තා වේ. 

 


පාක්ෂිකයින්ගෙන් සහ ආසන සංවිධායකයින්ගෙන් කොතරම් ඉල්ලීම් පැමිණිය ද පොහොට්ටුව ලකුණින් තරගවැදීමේ තීරණය වෙනස් කළ නොහැකි බවයි ඒ මහතා පසුගිය දින දෙකෙහිදීම පැවති ශ්‍රීලනිප විශේෂ රැස්වීම්වලදී අවධාරණය කර ඇත්තේ. 

 


පොහොට්ටුව විසින් ශ්‍රීලනිපය වෙත ලබාදී ඇත්තේ ඉතාම අඩු නාමයෝජනා සංඛ්‍යාවක් වන අතර කලුතර දිස්ත්‍රික්කයේදී එක් නාමයෝජනාවක් හෝ ඔවුන්ට ලබාදී නොමැත. එසේම ශ්‍රීලනිප අපේක්ෂකයින්ට මනාප නොදී ඔවුන්ව පරාජය කරන ලෙස විවෘතවම පොහොට්ටු පාක්ෂිකයින් විසින් ප්‍රචාරණ කටයුතු ද සිදු කෙරෙමින් පවතී.

 

 

එවැනි තත්වයක් තුළ එක්ව තරග වැදුණහොත් ශ්‍රීලනිපයේ විනාශය අනිවාර්යය නිසා වෙනම තරග වැදිය යුතු බවට දැඩි ඉල්ලීමක් පක්ෂය තුළින් මතුව තිබිණි. 
එහෙත් කවර තත්වයක් යටතේවත් පොහොට්ටුවෙන් වෙන්ව තරග කිරීමට නොහැකි බවට ඉතාම දැඩි ස්ථාවරයක මෛත්‍රීපාල සිරිසේන මහතා පසුවන අතර ඔහුගේ සහායට මහින්ද අමරවීර සහ නිමල් සිරිපාල ද සිල්වා යන අමාත්‍යවරුන් ද සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

 

 

පක්ෂ නායකයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇති බලය අනුව ඔහුගේ තීරණය වෙනස් කිරීමට සෙසු සංවිධායකවරුන්ට ඇත්තේ අවම අවස්ථාවකි. 

 


මේ අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ, පොහොට්ටුව සමඟ එක්ව තරග වදින්නේ නම් ශ්‍රීලනිපයට දිනාගත හැකිවනු ඇත්තේ ආසන 4ක පමණ ප්‍රමාණයක් පමණක් වනු ඇති බවයි. 

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner