මන්ත්‍රී 60 කගේ විශ්‍රාම වැටුප් අහෝසියි

මන්ත්‍රී 60 කගේ විශ්‍රාම වැටුප් අහෝසියි

ad-bannerදේශපාලන කතා

Published on 2/24/2020

348 Views

මාර්තු මස 02 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට රජය සහ ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා. මීළඟ පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේ ඡන්ද විමසීම අප්‍රේල් අගදී පැවැත්වීමට නියමිත අතර එය බොහෝදුරට අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙනු ඇත.

 


මාර්තු මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 60 කට පමණ විශ්‍රාම වැටුප් අහිමි වන බවයි වාර්තා වන්නේ. ඒ, විශ්‍රාම වැටුප් සඳහා හිමිකම් ලැබීමට අදාල වන වසර 05 ක කාලසීමාව සම්පූර්ණ නොවීම හේතුවෙනි.

 


2015 වසරේ අගෝස්තු 17 වැනිදා වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පත් වූ අතර ඔවුන්ගේ වසර 05 ක කාලය සම්පූර්ණ වන්නේ 2020 වසරේ අගෝස්තු 17 වැනිදාය.

 


විශ්‍රාම වැටුප් අහිමි වන මන්ත්‍රීවරුන්ගෙන් 32 දෙනෙකු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් වන අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් 21 දෙනෙකුට විශ්‍රාම වැටුප් අහිමි වේ. මීට අමතර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකුට සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම වැටුප් සඳහා හිමිකම් කීමේ අවස්ථාව අහිමි වේ.

 

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner