මලික් - මංගල දේශපාලනයෙන් සමුගනී

මලික් - මංගල දේශපාලනයෙන් සමුගනී

ad-bannerදේශපාලන කතා

Published on 11/23/2019

397 Views

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමති ධුරයක් හෙබවූ පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම මහතා සහ හිටපු මුදල් ඇමති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

 

ජනාධිපතිවරණයේදි තම අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයෙන් පසු මලික් සමරවික්‍රම මහතා මෙම තීරණය ගෙන ඇති බව පැවසේ. එක්සත් ජාතික පක්ෂ අපේක්‍ෂකයා පරාජය සම්බන්ධයෙන් මලික් සමරවික්‍රම මහතාටද යම් යම් චෝදනා එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේදී ඔහු තරග නොකරනු ඇති බවද වාර්තා වෙයි.

 

මලික් සමරවික්‍රම මහතා එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධුරයක්ද හෙබවූ අයෙකි.

 

ඉදිරි කාලයේ දී තමන් දේශපාලනයෙන් ඉවත් වී සංහිඳියාව සහ ජාතික සමගිය වෙනුවෙන් කැප වීමට සූදානමින් සිටින බව මංගල සමරවීර මහතා ඔහු සමීපතම පුද්ගලයන් සමඟ සඳහන් කර තිබෙනවා.

 

ජනාධිපතිවරණ පරාජයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකුම සමරවීර මහතාව දැඩි දෝෂදර්ශනයට ලක් කර තිබුණා. මංගල සමරවීර මහතාගේ ඇතැම් ප‍්‍රකාශයන් මැතිවරණ ව්‍යාපාරයට දැඩි ලෙස අවාසි සහගත වූ බවද ඔවුන් චෝදනා කර ඇතැයි වාර්තා වෙයි.

 

කෙසේ වෙතත් සමරවීර මහතා සිය හිතවතුන්ට පවසා ඇත්තේ තමන් දේශපාලනයෙන් සමුගෙන් ආරජන්ටිනාවේ ස්ථීර පදිංචියට යාමට බලාපොරොත්තු වන බවයි. ඒ අනුව මේ පිලිබඳව ඉදිරි දිනයකදී ඔහු විසින් අවසන් තීරණය ගැනීමට නියමිතයි.

 

මංගල සමරවීර මහතා ආසන සංවිධායක ධූරය දරන මාතර ආසනය මෙන්ම මාතර දිස්ත්‍රික්කයද පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත් වුනා.

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner