ගෙදරදිම හොට් කේක් පහසුවෙන් හදන හැටි

ගෙදරදිම හොට් කේක් පහසුවෙන් හදන හැටි

ad-bannerරසපදම

Published on 12/6/2019

290 Views

හොට් කේක් කියන්නේ පෑන් කේක් විශේෂයක්ම තමයි. ලෝකය පුරා විවිධ නම් වලින් මේ හොට් කේක් හදුන්වනවා.

ග්‍රිඩ්ල් කේක් එහෙමත් නැතිනම් ෆ්ලැප්ජැක් කියලත් කියනවා. පිටි,බිත්තර, කිරි සහ බටර් මිශ්‍රණයකින් සාදන මේ හොට් කේක් ගොඩක් වේලාවකට පැතලි , රවුම් හැඩයක් ගන්නවා. ශ්‍රෝව් ටියුස්ඩේ (shrove tuesday) නමින් මේ සදහා වෙන්වුණු විශේෂිත දිනයකුත් තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් වල සහ අයර්ලන්තයේ මේ දවස හදුන්වන්නේ පෑන් කේක් ටියුස්ඩේ (Pancake tuesday) එහෙම නැතිනම් පෑන් කේක් ඩේ (Pancake day) කියලා.පෙබරවාරි හෝ මාර්තු මාසයේ, අලු බදාදට කලින් ආසන්නම දවසක හොට් කේක් / පෑන් කේක් ආහාරයට ගනිමින් උත්සවාකාරයෙන් සැමරීම ඒ රටවල් වල සිරිතක්.ඉතින් මේ හොට් කේක් ගෙදරිම හදාගන්න ආකාරය තමයි මේ ලිපියෙන් කියන්න යන්නේ. විශේෂයෙන්ම මේ සදහා අවශ්‍ය ද්‍රව්‍ය අපිට පහසුවෙන් ඒ වගේම අඩු වියදමකින් හොයාගන්නත් පුලුවන්.



අවශ්‍ය ද්‍රව්‍ය


පාන් පිටි - කෝප්ප 1
කිරි (එළකිරි) - කෝප්ප 1
බිත්තර - 1
දියකරගත් බටර් - මේස හැදි 2
ලුණු - තේ හැදි 1/2
සීනි - මේස හැදි 2
බේකින් පවුඩර් - තේ හැදි 2



මුල්ම පියවර විදිහට වියලි ද්‍රව්‍ය වන පාන් පිටි, සීනි, ලුණු සහ බේකින් පවුඩර් එක භාජනයකටත්, දියර ද්‍රව්‍ය වන කිරි, බිත්තර සහ දියකරගත් බටර් තවත් භාජනයකටත් දමාගන්න. ඉන් පසු වියලි ද්‍රව්‍ය වෙනමත් දියර ද්‍රව්‍ය වෙනමත් හොදින් කලවම් කරගන්න. පසුව වියලි ද්‍රව්‍ය සහ දියර ද්‍රව්‍ය සියල්ල එකට කලවම් කරගන්න.

 

හොට් කේක් හදනකොට මතකයේ තියාගන්න අවශ්‍යම කරුණක් තියනවා. බටර් මිශ්‍රණය ඕනාවට වඩා කලවම් කරගන්න හොද නෑ. එහෙම වුනොත් වෙන්නේ හොට් කේක් එකේ මෘදු බව නැති වෙන එක.බැටර් මිශ්‍රණය හදාගත්තට පසුව පෑන් එක රත් කරගන්න අවශ්‍ය වෙනවා. පෑන් එක රත් කරගන්න විට ඒ මත බටර් ටිකක් තවරගන්න අමතක කරන්නත් එපා.පෑන් එක රත් වුණාට පසුව බැටර් මිශ්‍රණය රවුමට සහ පැතලියට ඒ මත තවරගන්න.

 

ටික වේලාවක් යනවිට හොට් කේක් එක මත බුබුළු සහිත මතුපිටක් ඇති වෙනවා. එහෙම වෙන්නේ හොට් කේක් එක හොදින් පිපෙන්න ගන්න විට. මේ වේලාවට හොට් කේක් එක පරිස්සමින් අනිත් අතට හරවගන්න අවශ්‍ය වෙනවා. ටික වේලාවක් එහෙමම තියලා හොට් කේක් එක පෑන් එකෙන් පිගානකට අයින් කරගන්න එක තමයි අවසාන පියවර.

 

 

සාමාන්‍යයෙන් හොට් කේක් කියන්නේ පිට රටවල් වල උදෑසන ආහාරයක්. ඔවුන් හොට් කේක් කෑමට ගන්නේ මේපල් සිරප් වැනි දෙයක් සමඟ. නමුත් ලංකාවේ හැමෝටම මේපල් සිරප් නැති නිසා පොල් පැනි වැනි දෙයක් සමඟ කෑමට ගන්න පුලුවන්, හරිම රසවත්.

 

by Nimanthi Muthukudaarachchi

Photo credits : Internet

 

 

ad-banner

0 Comments

Leave a comment

ad-banner