ඇපල් පුඩිං

ඇපල් පුඩිං

ad-bannerරසපදම

Published on 1/2/2020

187 Views

ලොකු පොඩි හැමෝම ගොඩක් ආසාවෙන් කන්න කැමති අතුරුපසක් තමයි ඇපල් පුඩින් කියල කියන්නේ. අපි අද ඇපල් පුඩින් සාදාගන්නා අකාරය බලමු.

 


අවශ්‍ය දේවල්:


        • පොතු ඇරලා පොඩියට කපාගත්ත ඇපල් කෝප්ප 2
        • දියකරගත්ත බටර් කෝප්ප 1/2
        • සීනී කෝප්ප 1
        • පාන් පිටි කෝප්ප 1
        • බේකින් පවුඩර් තේ හැදි 2
        • ලුණු තේ හැදි 1/4
        • කිරි කෝප්ප 1 (පිටි කිරි වලින් හදාගන්න)
        • කුරුදු කුඩු තේ හැදි 1

 


සාදාගන්නා ආකාරය:

 


අවන් එක ප්‍රී හීට් කරගැනීම තමයි මුල්ම වැඩේ. 190°C උෂ්ණත්වයට අවන් එලකේ උෂ්ණත්වය සීරුමාරු කරගන්න. මේ අවන් එකට අන්තිමට අපි පුඩින් මිශ්‍රණය දාලා පුඩින් එක බේක් කරගෙන ඉවර වෙනකන්ම අවන් එක එකම උෂ්ණත්වයෙන් රත් වෙවී තියෙන්න ඕනෙ. ඒ හින්දා "දැන් රත් වෙලා ඇති" කියලා අවන් එක කොයිම වෙලාවකවත් OFF කරන්න නම් එපා!


දැන් භාජනයක් අරගෙන ඒකට බටර්, ටික එකතු කරගන්න. එයට සීනි ටික එකතු කරගනිමින් හොදට කලවම් කරන්න. ඉන් පසු එයට බේකින් පවුඩර්, පිටි , ලුණු කුඩු යන අමුද්‍රව්‍ය එකතු කරගන්න.


ඉන්පසු එම මිශ්‍රණය ට කිරි ටික ටික දාලා හොදට සේරම ටික කලවම් කරගන්න.


ඊට පස්සෙ ඒ මිශ්‍රණය අවන් එකට දාන්න පුළුවන් පොඩි ට්‍රේ එකකට දාගන්න.


ඔන්න දැන් අපිට මයික්‍රොවේව් එක ඕනෙ වෙනවා. දැන් අපි මයික්‍රොවේව් එකේ දාන්න පුළුවන් භාජනයක් අරගෙන ඒකට ඇපලුයි කුරුදු කුඩුයි දාලා කලවම් කරගන්න ඕනෙ.ඊට පස්සෙ ඒ ඇපල් මිශ්‍රණය පොඩ්ඩක් මෙලෙක් වෙනකම් විනාඩි 2-5ක් විතර මයික්‍රොවේව් එකට දාලා ගන්න.


දැන් අපි මයික්‍රොවේව් කරගත්ත ඇපල් මිශ්‍රණය අරගෙන ඒ ටික අපි කලින් අවන් එකට දාන්න පුලුවන් ට්‍රේ එකක දාලා තියලා තිබ්බ පිටි මිශ්‍රණයේ මැදට වෙන්න දාගන්න.


ඊළගට කරන්න තියෙන්නෙ අපි රත්වෙන්න දාලා තියෙන අවන් එකට ඒ ට්‍රේ එක දාලා විනාඩි 30ක් විතර බේක් කරගන්න එක.


වැදගත්:


මයික්‍රොවේව් එකක් නැත්තන් නිකන්ම වුනත් ඇපල් ටික පිටි මිශ්‍රණයට එකට එකතු කරගන්න පුළුවන් ඔයාලට.

 

 

 

by Lakshani Dhananjalee Lankadhikara

Photo source : Internet

 

ad-banner

0 Comments

Leave a comment

ad-banner