කේක් වලට රස වෙනසක්

කේක් වලට රස වෙනසක්

ad-bannerරසපදම

Published on 12/6/2019

200 Views

විවිධ රසට ඉතාම පහසුවෙන් හදාගන්න පුළුවන් කේක් වර්ග කීපයක් ඉදිරිපත් කරන්නයි මේ සූදානම.
 

තල කේක්

තල කියන්නේ හිතකර මේද අඩංගු ඉතාම රසවත් ධාන්‍ය වර්ගයක්.තල තෙල් තල ඇට දිනපතා ඔබේ ආහාරයට එක් කර ගන්නවා නම් ඔබේ සම කෙස් නිරෝගී කර ගැනීමට හැකියාව ලැබෙනවා. මේ ගුණදායි තල ආහාරයට ගැනීමට ඔබේ සිඟිත්තා එතරම් කැමැත්තක් නොදක්වාවි.එවැනි අවස්තාවකදී මේ රසවත් තල කේක් එක ඔවුන් වෙනුවෙන් සකස් කර පිළිගන්වන්න උත්සාහ කරන්න.


අවශ්‍ය ද්‍රව්‍ය:

  •      තල ඇට ග්‍රෑම් 60
  •      පිටි ග්‍රෑම් 300
  •      බටර් ග්‍රෑම් 200
  •      සීනි ග්‍රෑම් 200
  •      බිත්තර තුනක්
  •      දොඩම් පොතු ටිකක්
  •      බේකින් පවුඩර් තේ හැඳි දෙකක් *කිරි කෝප්ප භාගයක්
  •      දොඩම් යුෂ කාලක්


සාදාගන්නා ආකාරය:
බටර් සහ සීනි බඳුනකට දමා හොඳින් හොදින් බීට් කරගන්න. එයට බිත්තර එකින් එක එක්කරමින් හොඳින් බීට් කරන්න. මෙම මිශ්‍රණයට දොඩම් පොතු තල ඇට ටික එක්කරන්න. බේකින් පවුඩර් සමග හලාගත් පිටි ද ඊට එක් කරන්න. කිරි සමග දොඩම් යුෂ මිශ්‍ර කර සියල්ල හොඳින් අනාගන්න. සාදාගත් මිශ්‍රණය කැමති හැඩයක බේකින් තැටියකට දමා සෙන්ටිග්‍රේඩ් අංශක 160 උෂ්ණත්වයේ විනාඩි 45ක් පමණ බේක් කරගන්න . හොඳින් බේක් කරගත් පසු සීනි දොඩම් යුෂ මිශ්‍ර කර උණු කරමින් සාදාගත් සිරප් එක කේක් එක මතට දමා රස බලන්න.


ජින්ජර් කේක්
ඉඟුරු රසට අපි ගොඩක් දෙනෙක් කැමතියි. මේ නිසා මෙවර ඔබේ උපන් දින සාදයට දින ජින්ජර් කේක් එකකින් අමුත්තන්ට සංග්‍රහ කරන්න උත්සහ කරන්න.

 


 

අවශ්‍ය ද්‍රව්‍ය:

  •       සීනි ග්‍රෑම් 350
  •       බටර් ග්‍රෑම් 350
  •       බිත්තරගෙඩි හයක්
  •       පිටි ග්‍රෑම් 200 ක්
  •       ගා ගත් දෙහි පොතු ග්‍රෑම් 100
  •       ඉඟුරු දෝසි ග්‍රෑම් 100
  •       කිරි පිටි මේස හැඳි එකක්
  •       බේකින් පවුඩර් තේ හැඳි තුනක්
  •       ජිංජර් සිරප් මේස හැඳි දෙකක්
  •       ලුණු තේ හැදි භාගයක්


සාදාගන්නා ක්‍රමය:
ඉඟුරු දෝසි කිරිපිටි ලුනු ද්‍රව්‍ය සියල්ලම බදුනකට දමා මදගින්නේ උණු කරගන්න. එය පසෙකින් තබා බටර් සීනි බදුනකට දමා හොදින් කලවම් කරගන්න. එයට දෙහි පොතු ටික එකතු කරගන්න. බිත්තරවල සුදු මදය හා කහමදය වෙන්කරගෙන. බිත්තර සුදුමදය හොඳින් පෙනෙන එනතුරු බීට් කරගන්න. කහ මද ටිකට සීනි බටර් මිශ්‍රණය එකතු කර හොඳින් බීටි කරගන්න.පිටි වලට බේකින් පවුඩර් මිශ්‍ර කර බිත්තර සුදු මද සමග හොදින් කලවම් කරන්න. එම මිශ්‍රනයට කලින් උණු කරගත් ඉඟුරු දෝසි මිශ්‍රණය හා බිත්තර කහමද මිශ්‍රණය එක්කර හොඳින් කලවම් කරන්න. එය බේකින් තැටියකට දමා සෙන්ටිග්‍රේට් අංශක 175 උෂ්ණත්වයෙන් විනාඩි හතළිහක් 45ක් පමණ බේක් කරගන්න.

 

 

by Dilki Shamani

Photo source : Internet
 

ad-banner

0 Comments

Leave a comment

ad-banner