රසවත් කුකීස් ගෙදරදීම හදමු - 2

රසවත් කුකීස් ගෙදරදීම හදමු - 2

ad-bannerරසපදම

Published on 2/10/2020

280 Views

බිස්කට් රසට ප්‍රිය කරන ඔබට හවස තේ මේසයට ගැලපෙන සැහැල්ලු බිස්කට් වර්ග දෙකක් පිළියෙල කරගන්නා ආකාරය පියවර සහිතව ඉදිරිපත් කරන්නටයි මේ සූදානම. වෙළඳපොළෙන් මිලදී ගන්නවාට වඩා නිවසේදීම රසවත් cookies නිර්මාණය කරගත හැකි නම් එය කෙතරම් අපූරුද. ඔබත් අදම මෙම රසවත් cookies නිර්මාණය කර මෙම අලුත්ම අත්දැකීම විඳගන්නට අමතක නොකරන්න.
 


1. ඉටලියන් ලෙමන් කුකීස්

         - පිළියෙල කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය-
         - පිටි කෝප්ප කාලක්
         - කෝන්ෆ්ලවර් ග්‍රෑම් 50ක්
         - ලෙමන් ගෙඩි එකක යුෂ
         - ලුණු තේ හැඳි බාගයක්
         - බටර් ග්‍රෑම් 175ක්
         - අයිසිං සීනි ග්‍රෑම් 60 ක්
         - ග්ලේෂ් සඳහා ලෙමන් යුෂ මේස හැඳි තුනක්
         - අයිසිං සීනි ග්‍රෑම් 180ක්

පිළියෙල කරගන්නා ආකාරය,


හලාගත් පිටි වලට ලුණු සහ කෝන්ෆ්ලවර් කලවම් කරන්න. වෙනත් බඳුනකට සීනි බටර් එකතු කර ගසන්න. එය හොදින් ගසාගත් පසු පිටි මිශ්‍රණයෙන් බාගයක් සහ ලෙමන් යුෂ එකතු කර ලී හැන්දකින් කලවම් කරන්න. එම මිශ්‍රණය ඇලෙනසුළු නම් අමතර පිටි මේස හැඳි දෙකක් පමණ එකතු කරන්න. එම පිටි මිශ්‍රනය තෙල් කඩදාසියක දමා රෝල් කරන්න. ඉන්පසු පැයක් තබන්න. පැයකට පසු ඉවතට ගෙන අඟල් භාගයක ඝනකමට පෙති කපා එම පෙති බටර් ගා පිටි ඉසගත් තැටියක තබා නැවතත් මිනිත්තු විස්සක් ශීතකරණයේ තබන්න. ඉන්පසු ඉවතට ගන්න. එය අවන් එකක තබා සෙන්ටිග්‍රේඩ් 120 උෂ්ණත්වයේ මිනිත්තු 5ක් පමණ බේක් කරන්න. උෂ්ණත්වය 180 ට වැඩි කර මිනිත්තු දහයක් නැවතත් රන්වන් පාට වන තෙක් බේක් කරන්න. අවන් එකෙන් ඉවතට ගෙන නිවුණු පසු එම බිස්කට් මතුපිට අයිසින් සීනි සහ ලෙමන් යුෂ මිශ්‍ර කර සකස් කරගත් ග්ලෙෂ් මිශ්‍රණය තවරා ගන්න.

2. ස්ට්‍රෝබෙරි චොක්ලට් චිප්ස් කුකීස්

 


පිළියෙල කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය,
 

           - පිටි කෝප්ප එකයි කාලක්
          - cream cheese මේස හැඳි 4 ක්
           - බේකිං පවුඩර් තේ හැඳි බාගයක්
           - ලුණු තේ හැඳි කාලක්
           - ලුනු රහිත බටර් කෝප්ප කාලක්
           - සීනි කෝප්ප තුන්කාලක්
           - බිත්තරයක්
           - වැනිලා තේ හැන්දක්
           - කෑලි කපා ගත් ස්ට්‍රෝබෙරි කෝප්ප තුන්කාලක්
           - ලෙමන් යුෂ මේස හැදි දෙකක්
           - අමතර පිටි මේස හැඳි දෙකක්
          - white චොක්ලට් චිප්ස් ග්‍රෑම් 150ක්
           - සීනි ස්වල්පයක්

 


පිළියෙල කරගන්නා ආකාරය,


පිටි, බේකින් පවුඩර්, ලුණු කලවම් කර හලන්න. ස්ට්‍රෝබෙරි හා ලෙමන් යුෂ මිශ්‍ර කරන්න. මිනිත්තු දහයක් තබන්න. බටර් ,සීනි, cream cheese එකතු කර කලවම් කරන්න. එයට වැනිලා සහ බිත්තර එකතු කර නැවත ගසන්න. ඉන්පසුව පිටි මිශ්‍රණය දමන්න. චොක්ලට් කැබලි කපන්න. ස්ට්‍රෝබෙරි කෑලි මිශ්‍රණයට පිටි මේස හැඳි දෙකක් දමා කලවම් කර එයට චොක්ලට් චිප්ස් එකතු කරන්න. එය පිටි මිශ්‍රණයට එකතු කර කලවම් කරන්න. බේකින්ග් තැටියකට බටර් ගා පිටි ඉසින්න. මිශ්‍රණයෙන් මේස හැන්ද බැගින් ගෙන තැටියේ පරතරයක් අනුව තබන්න. මිනිත්තු පහළවක් ශීතකරණයේ තබන්න. සෙන්ටිග්‍රේඩ් 160 උෂ්ණත්වයට මිනිත්තු පහළොවක් බේක් කරන්න. අවන් එකේ මිනිත්තු තුනක් තබන්න. ඉන්පසු ඉවතට ගන්න.

දැන් ඔබට රසවත් italian lemon කුකීස් සහ strawberry chocolate chips cookies රසවිඳීමට පුළුවනි.

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner