ලාවා කේක් කන්න දැන් pizza hut යන්න ඕනෙ නෑ

ලාවා කේක් කන්න දැන් pizza hut යන්න ඕනෙ නෑ

ad-bannerරසපදම

Published on 12/6/2019

347 Views

ලාවා කේක් කියපු ගමන් මතක් වෙන්නේ වියදම් අදික අතුරුපසක් විදිහට. හැබැයි තවදුරටත් එහෙම හිතන්න ඕනේ වෙන්නේ නැහැ.ඒ මොකද කියනවනම් ඉතාම අඩු වියදමකින් සහ එදිනෙදා භාවිතා කරන, පහසුවෙන් සොයාගත හැකි ද්‍රව්‍ය කිහිපයකින් ගෙදරිදිම ලාවා කේක් හදන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

මිල්ක් චොකලට් ග්‍රෑම් 100
බටර් ග්‍රෑම් 50
කොකෝවා පවුඩර් ගෑම් 40
සීනි ගෑම් 75
බිත්තර 2 (කහමද, සුදුමද වෙන්කරගත්)
වැනිලා තේ හැඳි 1
ෆ්‍රෙශ් ක්‍රීම් මේස හැඳි 4

අවශ්‍ය ද්‍රව්‍ය සියල්ලම රැස් කරගත්තට පසුව ලාවා කේක් කොහොමද හදන්නේ කියලා බලමු. මුලින්ම කියන්න ඕනේ මේ සදහන් කරලා තියන ප්‍රමාණයන්ගෙන් ලාවා කේක් 4ක් සාදගන්න පුළුවන්. මුලින්ම double boil ක්‍රමයට බටර් සහ මිල්ක් චොකලට් කැබලි හොඳින් දියකරගන්න. ඉන් පසු චොකලට් බටර් මිශ්‍රණය ලිපෙන් ඉවත් කර, ඊට බිත්තර කහ මද දෙක එකතු කරන්න.මිශ්‍රණය හොඳින් බීට් කරගන්න අවශ්‍ය වෙනවා. ඒ සදහා විස්ක් එකක් භාවිතා කරන්න. ඉන් පසු මිශ්‍රණයට චොකලට් පවුඩර් ටික ටික එකතු කරගනිමින් විස්ක් එකෙන් මිශ්‍ර කරගන්න. පසුව වැනිලා තේ හැන්දක් එකතු කරගන්න. වැනිලා එකතු කරගත් පසු ෆ්‍රෙශ් ක්‍රීම් මේස හැඳි 4 දමා හොඳින් බීට් කරගන්න. එම මිශ්‍රණය මොහොතකට පසෙකින් තබා බිත්තර සුදු මද දෙක ක්‍රීම් ස්වරූපයක් එනතෙක් හොඳින් බීට් කරගන්න. බේක් කරන්න කලින් අපි අවන් එක සෙල්ශියස් 160 කට pre heat කරලා තියගන්න ඕන. දැන් අපි කලින් හදාගත් චොකලට් මිශ්‍රණයට සුදු මද බීට් කරලා හදාගත් ක්‍රීම් ටික ටික එකතු කරමින් මිශ්‍ර කරගන්න. මතක තියාගත යුතුම කරුණක් තමයි පමණට වඩා මිශ්‍ර කරගැනීම නොකළ යුතුයි.ඉන්පසු කප් කේක් සෑදීමට ගන්න කෝප්ප වලට හෝ අවන් එකට දැමීමට හැකි ඕනෑම භාජනයකට මිශ්‍රණය වත්කරගන්න. ඉන් පසු කේක් මිශ්‍රණ සහිත කප් ටික මිනිත්තු 8-10 අතර කාලයක් බේක් කරගන්න. කේක් එක මතුපිට තුනී ඝන පෘශ්ඨයක් වගේ වුණාම අවන් එකෙන් එළියට අරගන්න. එම පෘශ්ඨයට යටින් චොකලට් මිශ්‍රණය දියාරු ලෙසින් තිබෙනවා. මේ නිසා තමයි ලාවා කේක් කියන නම ලැබිලා තියෙන්නෙත්. ඉතින් මේ ලාවා කේක් සාදගන්න ලොකු මහන්සියක් වෙන්න අවශ්‍ය නැහැ. ඉතාම අඩු කාලයකින් , අඩු වියදමකින් සාදගන්න පුළුවන්. උපන්දින සාදයකට, හවස තේ මේසෙට, විවාහ සංවත්සරයකට වගේ ඕනිම අවස්ථාවකට මේ රසවත් ලාවා කේක් සුදුසුයි. රසම රස ලාවා කේක් ඔයාලත් ගෙදරිදිම හදලා බලන්න.

by Nimanthi Muthukudaarachchi

Photo credits : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner