පැණි රස කෑම ගෙදරදීම හදමු

පැණි රස කෑම ගෙදරදීම හදමු

ad-bannerරසපදම

Published on 2/9/2020

832 Views

බාල මහලු භේදයකින් තොරව සෑම කෙනෙක්ම පැණි රසට ප්‍රිය කරයි. පැණි රස ප්‍රිය කරන ඔබට නිවසේදීම සාදාගත හැකි රසවත් ආහාර වර්ග කිහිපයක් පිලියෙල කරගන්නා ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කරන්නටයි මේ සූදානම. ඔබත් අදම මෙම රසවත් අත්දැකීම විඳ ගන්නට අමතක නොකරන්න.



1. ඉක්ලෙයාස්

පිලියෙල කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය,


ෂූ පේස්ට්‍රි සඳහා

     - පිටි කෝප්ප එකක්
     - වතුර කෝප්ප එකක්
     - මාගරින් ග්‍රෑම් 75ක්
     - බිත්තර හතරක්

පිළියෙල කරගන්නා ආකාරය,


බඳුනකට වතුර සහ මාගරින් දමා රත් කරන්න. නිවුනු පසු පිටි දමා කලවම් කරන්න. එය තලපයක් ආකාරයට සෑදේ. එයට බිත්තර එක බැගින් දමා කලවම් කරන්න. එවිට ක්‍රීම් ආකාරයට සකස් වේ. තැටියක් රැගෙන පයිපින් බෑග් එකට ලොකු ස්ටාර් නොසලය දමා සාදාගත් මිශ්‍රණය එහි දමා අඟල් දෙක හමාරක් දිගට සහ අඟලක් පලළට වත් කරන්න. පසුව සෙන්ටිග්‍රේඩ් 150 උෂ්ණත්වයට විනාඩි තිහක් බේක් කරන්න. එය නිවෙන්න තබා චොක්ලට් සෝස් වක් කරන්න.

චොක්ලට් සෝස් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය,
     - කුකින් චොක්ලට් ග්රෑම් හැටක්
     - ප්‍රෙෂ් ක්‍රීම් කෝප්ප බාගයක්


සාදන ආකාරය
කුකින් චොක්ලට් සහ ප්‍රෙෂ් ක්‍රීම් බඳුනකට දමා ඩබල් බොයිල් ක්‍රමයට උණු වතුර බඳුනක් මත තබා රත්කර ගන්න. නිවෙන්න හැර වක්කරන්න.

 


2. ස්වීට් පෑන් කේක්

පිළියෙල කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය,


         - පාන් පිටි ග්‍රෑම් 200 ක්
         - එළ කිරි කෝප්පයක්
         - වතුර කෝප්ප භාගයක්
         - බටර් ග්‍රෑම් 75ක් හෝ 100ක්
         - බේකින් පවුඩර් තේ හැඳි තුන්කාලක්
         - සීනි මේස හැන්දක්
         - ගසාගත් බිත්තර සුදු මද දෙකක්
         - වැනිලා එසන්ස් තේ හැඳි දෙකක්

පිළියෙල කරගන්නා ආකාරය,


පාන් පිටි බේකින් පවුඩර් සමග හලන්න. එයට එළකිරි, වතුර සහ දියකරගත් බටර් දමා මිශ්‍ර කරන්න. සීනි, බිත්තර සුදු මද ,වැනිලා දමා මිශ්‍ර කරන්න. රාත්‍රියට මිශ්‍රණය අනා පසුදින අවශ්‍ය නම් වතුර ටිකක් එකතු කර මිශ්‍රණය ආප්ප පදමට වඩා තරමක් ඝනකමට සාදා සාස්පානක් ලිප තබා තැටියට බටර් ස්වල්පයක් ගා මිශ්‍රණය දමා මදගින්නේ දෙපැත්ත පුළුස්සන්න. කිතුල් පැණි සමග කෑමට ගන්න.

පැණි රසට, රසවත් ආකාරයට, ඇසට ප්‍රියජනක ආකාරයට ඔබත් අදම මෙම කෑම වර්ග පිළියෙල කර පවුලේ ආදරණීයයන්ට පිළිගන්වන්නට ගෘහනියක් වශයෙන් අමතක නොකරන්න.

 

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner