ආදරවන්තයින් වෙනුවෙන් රසවත් කේක් නිර්මාණයක්

ආදරවන්තයින් වෙනුවෙන් රසවත් කේක් නිර්මාණයක්

ad-bannerරසපදම

Published on 2/8/2020

226 Views

ලොව ජීවත්වන බොහොමයක් දෙනා ආදරයෙන් බැඳී සිටී. ආදරය සමරන්නට ප්‍රකාශ කරන්නට වැලන්ටයින් දිනයක් වශයෙන් දිනයක් ද වෙන්වී තිබේ. නමුත් දෙදෙනෙකුගේ හදවත් අතර ඇතිවන එම ආදරය එක් දිනකට සීමා කිරීම කළ හැකි දෙයක්ද යන්න නම් සැකයකි. ළඟ එන වැලන්ටයින් දිනයට ඔබගේ ආදරවන්තයාට හෝ ආදරවන්තියට පිළිගන්වන්නට මෙන්ම ඔහුව හෝ ඇයව පුදුම කරවන්නට හැකි අලංකාර කේක් නිර්මාණයක් සාදා ගන්නා ආකාරය පිළිබඳව මෙම ලිපිය හරහා දැනුවත් කෙරේ. එය ඔබගේ ආදරවන්තයාට හෝ ආදරවන්තියට කිසිදා අමතක නොවන මතක සටහනක් වන බව නොරහසකි.


මෙහිදී ඔබ විසින් කිලෝ ග්‍රෑම් 1 ක ප්‍රමාණයකට පුරවා බේක් කරගත් කේක් එකක් භාවිතා කිරීම වඩාත් සුදුසුයි. ලා රෝස පාට අයිසින් කේක් එක වටේට තවරා ගනිමින් අයිසින් කොම්බ් එකෙන් ඇදගන්න. ඉන්පසුව 2D star නොසලයෙන් සුදු පාට බටර් අයිසින් වලින් කේක් එක උඩ පුරවාගන්න. තද රෝස පාට යෙදූ බටර් අයිසින් වලින් නොම්බර 18 නොසලයෙන් කේක් එක උඩ සහ යට අයිසින් කරගන්න. උඩ බෝඩරය යටින් නැවත නොම්බර 13 නොසලයෙන් තවත් බෝඩරයක් අයිසින් කරගන්න. කේක් එක උඩ ඇති රෝස මල් medium රෝස පෙටල් නොසලයෙන් තරමක් ලොකුවට සාදාගන්න. රෝස මල්වලට කොළ යෙදීමෙන් වලකින්න. මක්නිසාද කොළ වැනි වර්ණයක් යොදා ගැනීම තුළින් කේක් එකේ අලංකාරයට හානියක් සිදුවිය හැකි බැවිනි.

 

parchment icing වලින් සාදාගත් කුඩා මල් වලින් කේක් එක අලංකාර කරගන්න. ඒවා මැදට තද රෝස පාට තිත් තබාගන්න. රතුපාට හාට් එක කිලෝ එකේ හෝ එකහමාර ප්‍රමාණයේ තැටියක කේක් එක උසට පුරවා බේක් කරගන්න. ඉන්පසුව butter icing වලට රතු පාට එක්කර ගන්න. රතු වර්ණය භාවිතා කිරීමේදී අයිසින් එකේ දිය ගතිය නැති වීමට අවශ්‍ය ප්‍රමාණයට අයිසින් එකතු කරගන්න අමතක නොකරන්න. ඉන් අනතුරුව කේක් එක වටේ දාර ආකාරයට නොම්බර 104 නොසලයෙන් දමාගන්න. කේක් එකේ උඩ කොටස නොම්බර 18 නොසලයෙන් පුරවාගන්න. උඩ සහ යට border කොටස් නොම්බර 20 නොසලයෙන් මල් ආකාරයට දමන්න. ඉන් අනතුරුව පාච්මන්ට් අයිසිං වලින් කපාගත් මල් උඩින් තබා අලංකාර කරගන්න. එම මල් උඩට සුදු පාටින් icing sugar bolls දමා තවත් අලංකාර කර ගැනීමට ඔබට පුළුවනි.


මෙවැනි රසවත් සහ අලංකාර කේක් නිර්මාණයක් ළඟ එන වැලන්ටයින් දිනයට ඔබගේ ආදරවන්තයාට හෝ වන්තියට පිළිගන්වා ඔබගේ ආදරය කොපමණදැයි පෙන්වන්නට අමතක නොකරන්න.

 

 

 

 

 

 

 

 

 

 

by  Sachini Sooriyaarachchi

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner