හරිම රස කෙටි ආහාරයක් - ස්පයිසි පෑන් කේක්

හරිම රස කෙටි ආහාරයක් - ස්පයිසි පෑන් කේක්

ad-bannerරසපදම

Published on 12/6/2019

510 Views

පෑන් කේක් කියන්නේ අපි හැමෝම දන්න ඉතාම පහසුවෙන් හදාගන්න පුළුවන් පැණි රස කෑම වර්ගයක්. ගොඩක් වෙලාවට පැණි රස කෑම අපි ප්‍රතික්ෂේප කරන අවස්ථා තියෙනවා. පැණි රසට කෑමක් කන්න අකමැති වුන වෙලාවක මේ ස්පයිසි පෑන් කේක් එකත් හදලා රස බලන්න. බොහොම පොඩි වෙලාවක් යන හරිම රස කෙටි ආහාරයක්.


අවශ්‍ය ද්‍රව්‍ය
පෑන් කේක් සදහා
* පාන් පිටි ග්‍රෑම් 250
* වතුර කෝප්ප බාගයක්
* ලුනු හා කහ ස්වල්පයක්
* බිත්තර ගෙඩි 01


පිරවුම සදහා
* කැමති වර්ගයකින් තම්බාගත් මස් ග්‍රෑම් 150
* සිහින්ව ලියාගත් ගෝවා
* සිහින්ව ලියාගත් ලොකු ලූණු
* සිහින්ව කපාගත් කැරට්
* ලුනු,කෑලි මිරිස්, කහ
* තෙම්පරාදුව සදහා ද්‍රව්‍ය


පළමුව පෑන් කේක් ටික හදාගන්නේ කොහොමද කියලා අපි බලමු. පාන් පිටි ග්‍රෑම් 250ට ලුනු හා කහ ස්වල්පයක් සමග බිත්තර ගෙඩිය එකතු කරලා වතුර කෝප්ප බාගයක් පමණ දාලා හොඳින් මිශ්‍ර කරගන්න ඕන . මෙය බ්ලෙන්ඩරයක් ආධාරයෙන් බ්ලෙන්ඩ් කරගන්න පුළුවන් නම් තවත් හොදයි. මොකද එතකොට පිටි වල කැට ගතියක් ඉතිරි වෙන්නේ නෑ. මේ මිශ්‍රණයේ පදම හරියට ආප්ප වල පදම වගේ වෙන්න ඕන. දැන් අපේ මිශ්‍රණ සූදානම්. සකස් කරගත් මිශ්‍රණ නොන්ස්ටික් තැටියකට හැන්දක් බැගින් දාලා හොඳින් තුනී කරගන්න අවශ්‍ය වෙනවා. තරමක් රන්වන් පාට එනකොට අපේ පෑන් කේක් එක ඉවත් කරගන්න ඕන.


සාමාන්‍ය පෑන් කේක් වලයි ස්පයිසි පෑන් කේක් වලයි වෙනස එහි පිරවුමයි. දැන් අපි බලමු අපේ ස්පයිසි පිරවුම හදාගන්නේ කොහොමද කියලා. අපි කැමති මස් වර්ගයක් අරගෙන තම්බලා සිහින්ව ඉරාගන්න. කපාගත් ගෝවා, ලූණු, කැරට් ටික එකතු කරලා හොද තෙම්පරාදුවක් හදාගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම රස අනුව කෑලි මිරිස්, ලුනු එකතු කරන්න අමතක කරන්න එපා.


නිර්මාංශ කෙනෙක් නම් පිරවුම සම්පූර්ණයෙන්ම එළවළු වලින් හදාගන්නත් පුළුවන්. මේ විදියට තෙම්පරාදු කරගත් අපේ පිරවුමෙන් ටිකක් අපි හදාගත්ත පෑන් කේක් එකට දාලා දෙපැත්තෙන් නවලා රෝල් කරගන්න. හරියට රෝල්ස් එකක් හදනකොට අපි කරනවා වගේ. කැමති නම් ටූත් පික් පාවිච්චි කරලා කැමති හැඩයකට හදාගන්නත් පුළුවන්.
දැන් අපේ ස්පයිසි පෑන් කේක් රෙඩි. මේ වගේ වැහි දවසක උණු උණු පෑන් කේක් එකක් එක්ක රසවත් කෝපි එකක් රස බලන්න අමතක කරන්න එපා.

 

by Dilki Shamani

Photo credits : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner