මාළු තියන මාළු පාන්වල නියම රසය ගෙදරදීම විදින්න

මාළු තියන මාළු පාන්වල නියම රසය ගෙදරදීම විදින්න

ad-bannerරසපදම

Published on 12/6/2019

327 Views

මාළු පාන් කිව්වට මාළු දකින්නවත් නැති රසයක් නැති මාළු පාන් කාලා තියෙන අපිට දැන් මාළු පාන් වල නියම රසය අමතකත් වෙලා. නියම රසය විදින්න පුළුවන් ගෙදරදීම හදලා රස බැලුවොත් තමයි. අද අපි ඔබට මාළු පාන් වල නියම රස බලන හැටි කියල දෙනවා.

 

අවශ්‍ය ද්‍රව්‍ය :-

 

පාන්පිටි 250g
යීස්ට් තේ හැදි 1
බටර් මේස හැදි 2
බිත්තර 1
කිරි පිටි මේස හැදි 2
සීනි තේ හැදි 1
ලුනු තේ හැදි 1

 



මුලින්ම මද රස්නෙ වතුර මේස හැදි 4 කට පමණ යීස්ට් දමා දියකරන්න.

 

එයටම සීනිත් දමා දියකර විනාඩි 10ක් පමන පියනකින් වසා තබන්න. බාජනයක් ගෙන එයට පාන්පිටි දමා එයටම ලුනු,බටර්,කිරි පිටි,දාලා හොදින් මිශ්‍ර කරන්න .

 

බිත්තරය වෙනම බාජනයකට කඩලා හොදින් හැන්දකින් ගසාගෙන මේස හැදි 3ක් විතර ඉතුරු කරගෙන අනිත් කොටස සාදාගත් පාන්පිටි මිශ්‍රනය ට එකතු කරන්න.( සම්පූර්ණ බිත්තරයම එකතු නොකර ඉන් 3ml වැනි ප්‍රමාණයක් ඉවත් කර තබන්න .)

 

දැන් ඇගිලි තුඩු වලින් හොදින් මේ ටික මිශ්‍ර කරන්න...
එයටම අර යීස්ට් මිශ්‍රනය දමා මිශ්‍ර කරන්න..(විනාඩි 10ක් පිපීමෙන් පසුව)

 

දැන් වතුර පොඩ්ඩ පොඩ්ඩ දාමින් අතේ නොඇලෙන පදම එනකම් අනාගන්න.

 

දැන් පිරිසිදු මතුපිටක් මත හොදින් නීඩ් (අනාගන්න ) කරගන්න.බාජනයේම උනත් කමක් නෑ..විනාඩි 20ක් පමන අතින් නීඩ් කරන්න..
දැන් මේ හදාගත් මෝලිය බටර් ගා ගත් බාජනයක දමා කිචන් ටවල් එකකින් වහලා පැයක් පමණ තබන්න .

 

පැයකට පසු පිටි මෝලිය ගෙන නැවතත් ටික වේලාවක් නීඩ් කරන්න. (විනාඩි 2ක් පමන). දැන් මෙය සමාන් කොටස් 6 කට කපාගන්න .දැන් කොටස් 6 වෙන වෙනව ලස්සනට රවුම් කරන්න අත්ලෙන්.(එහිදි කැපූ කොටස් යටට එන ලෙස අල්ලාගෙන බෝල සාදාගන්න.)

 

දැන් එක බෝලයක් ගෙන තුනී කරන්න.තුනී කරන විට මැද තුනී කරන්න එපා...වටේ විතරයි තුනී කරන්න ඕන.

 

දැන් හදාගත් මිශ්‍රනයෙන් පොඩ්ඩක් මැදින් තියලා ත්‍රිකෝණ හැඩයට නවා ගන්න...බෝල 6 ම මේ විදියට කරගන්න....

 

දැන් බේකින් ට්‍රේ එකට ඔයිල් පේපර් එකක් දාලා බටර් ටිකක් ගාලා හදාගත් මාලු පාන් 6 තියලා නැවත විනාඩි 20ක් පමන් කිචන් ටවල් එකකින් වහලා තියන්න....

 

මිශ්‍රණය‍



මිශ්‍රණය සදහා අවශ්‍ය ද්‍රව්‍ය :-

අර්තාපල් අල ගෙඩි 03ක්
කටු ඉවත් කර හොඳින් පොඩි කරගත් මාළු
ලූනු
අමු මිරිස්
සුදුලූනු
ඉගුරු
රම්පේ , කරපිංචා
කුරුදු පොත්තක්
කෑලි මිරිස්
ගම්මිරිස්
කහකුඩු
ලුනු කුඩු

 


මිශ්‍රණය සාදාගන්නා ආකාරය :-


අල හා මාලු තම්බන්න.මේ 2ම හොදින් පොඩි කරගන්න.බාජනයක් ලිපේ තියලා තෙල් දාලා සුදුලූනු,ඉගුරු තලලා දාන්න...

 

දැන් මෙයට ලූනු,අමුමිරිස් පොඩියට කපලා දාලා කරපිංචා රම්පෙ දාලා කෑලිමිරිස් ,ගම්මිරිස් කුඩු,කහ කුඩු ,ලුනු කුඩු ,කුරුදු පොත්තක් දාලා හොදින් තෙම්පරාදු කරන්න .

 

දැන් එයට මාලු ටික දාලා ටික වෙලාවකින් අල ටික දාලා කලවං කරල ලිපෙන් බාගන්න.මිශ්‍රනය මාලු පාන් වලට දාන්න කලින් රම්පෙ හා කුරුදු පොතු ඉවත් කරන්න.

 


විනාඩි 20කට පමණ පසු මේ 6 ම උඩින් බිත්තර සාරු ගාලා 180 උශ්නත්වයෙන් විනාඩි 15ක් 20ක් පමණ බේක් කරන්න.( අර කලින්ම බිත්තර චුට්ටක් තියන්න කිවුවෙ මේකට) අවන් එකේ මමනම් දාන්නෙ යට රත් වෙන්න විතරයි .නැත්තම් උඩ පුපුරන්න බලනවා.විනාඩි 15ක් යට රත් කරලා තව විනාඩි 5ක් උඩ යට 2ම රත් වෙන්න තමයි මං දාන්නෙ.

 

දැන් බේක් උනාට පස්සෙ එලියට අරගත්ත ගමන් තෙත කිචන් ටවල් එකකින් මාලු පාන් ටික වහලා විනාඩි 10ක් තියන්න ඕන.එතකොට තමයි සොෆ්ට් වෙන්නෙ.

 

by Lakshani Dhananjalee Lankadhikara

Photo credits : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner