තුනපහ ගෙදරදීම හදමු

තුනපහ ගෙදරදීම හදමු

ad-bannerරසපදම

Published on 1/1/2020

1302 Views

වෑංජනයක රසය වර්ණය නියමාකාරයෙන් ලැබීමට නම් නියමාකාරයට සකසා ගත් තුනපහ එකතු කළ යුතුමයි. සුදට හදන එළවළු වලට අමුතුනපහද මස් මාළුවලට බැදගත් තුනපහ එකතු කිරීම ඊට උදාහරණයක්. නමුත් වැඩිදෙනා වෙළඳපොලේ අලෙවි වන තුන පහ වර්ග මිලදී ගැනීමට පුරුදුවී සිටිනවා. කෑම වල රසය සහ ගුණය රකින තුනපහ නිවසේදීම සාදාගන්නා ආකාරය මේ ලිපිය හරහා ඔබව දැනුවත් කරන්නයි මේ සූදානම් වන්නේ.



අමු තුන පහ
 


අවශ්‍ය ද්‍රව්‍ය:


       කොත්තමල්ලි ග්‍රෑම් 500ක්
       සූදුරු ග්‍රෑම් 200ක්
       මාදුරුග්‍රෑම් 50ක්
       කරපිංචා ග්‍රෑම් 20ක් පමණ



සාදන ක්‍රමය:


කොත්තමල්ලි සූදුරු මාදුරු සියල්ලම වැලි නොසිටින පරිදි ගරා සෝදා අව්වේ වේලා ගත යුතුයි. අමු කරපිංචා කොළ අව්වේ වේලා ගන්න පුළුවන්. දැන් මේවා එකට කොටා බෝතල් වල අසුරා පාවිච්චියට ගන්න පුළුවන්. එළවළු වර්ග සහ මස් මාලු කිරට හදන විට අමු තුන පහ කිරීමෙන් ඊට ආවේණික වූ රසයක් ලබා ගන්න පුළුවන්.
 

 


බැදගත් තුනපහ



අවශ්‍ය ද්‍රව්‍ය:


        කොත්තමල්ලි ග්‍රෑම් 150ක්
        සූදුරු ග්‍රෑම් 50ක්
        මහදුරු ග්‍රෑම් 50ක්
        වියළි මිරිස් ග්‍රෑම් 25ක්
        අඟලක් පමණ රම්පේ කැබැල්ලක්
        කරපිංචා ටිකක්

 


සාදන ක්‍රමය:


කොත්තමල්ලි සූදුරු මාදුරු වෙන වෙනම ගෙන අව්වේ සෝදා වේලා ගන්න. මේවා වෙන වෙනම කබලේ බදින්න. කරපිංචා සහ රම්පෙත් බදින්න. සියල්ල එකට දමා කුඩුකර සුළං නොවදින ලෙස බෝතල් වෙලා අසුරන්න. බැදගත් තුනපහ මස් මාළුවලට එකතු කරන්න. බැදගත් තුනපහ ඇඹරැල්ලා කැකිරි වැනි එළවළු ඇඔුල් සකස් කිරීමේදී එකතු කර ගන්න පුලුවන්. වට්ටක්කා වට්ටක්කා වලට බැදගත් තුනපහ එකතු කරන්න පුළුවන්.



කලුකුඩු මිශ්‍රණය
 


අවශ්‍ය ද්‍රව්‍ය:


        කොත්තමල්ලි ග්‍රෑම් 200ක්
        සූදුරු ග්‍රෑම් 25ක්
        මහදුරු ග්‍රෑම් 20ක්
        අඟලක පමණ කුරුඳු කැබැල්ලක්
        රම්පෙ කැබැල්ලක්
        කැකුළු හාල් ග්‍රෑම් 3ක් පමණ

 


සාදන ක්‍රමය:


මේ සියල්ල වෙන වෙනම සෝදා කබලේ බදින්න. ඉන්පසු එකට දමා කුඩු කරන්න. බැදගත් තුනපහ මස් වලට එකතු කරන නිසා මස් කලු පැහැයට සකස් කර ගැනීමට කැමති නම් සකස්කරගැනීමට කැමතිනම් මස් මාළු වලට කලු කුඩු එකතු කරන විට මස් ඉදුණු පසු රස්නෙ තිබියදීම කලු කුඩු තේ හැන්දක් පමණ උඩින් දමන්න. කිරට හදන වෑංජන වලට කලු කුඩු තේ හැඳි එකක් පමණ ඉසින්න. අල කිරට හදන විට පිසගත් කලු කුඩු තේ හැදි භාගයක් පමණ දැමූ විට රසවත් වෑංජනයක් රස බලන්න පුළුවන්.
 


අපේ රසට කෑම වල විශේෂත්වය වන්නේ මේ විවිධාකාර විදියට හදාගන්න තුනපහ වල එන විශේෂ රසය නිසාමයි. නමුත් වෙළඳපලේ පවතින තුනපහ කුඩු කහ කුඩු කොතරම් සෞඛ්‍ය සම්පන්න දැයි අද වන විට සියලු දෙනාටම ප්‍රශ්නයක්ව තිබෙනවා. මේ නිසා අපට අවශ්‍ය විවිධ වර්ගයේ තුනපහ ඉතාම පහසුවෙන් නිවසේදී සකස් කරගෙන ඒවා පිළිවෙළට අසුරා තබා ප්‍රයෝජනයට ගැනීමෙන් නිවසේ සෞඛ්‍යය සම්පන්නව ආහාරවල රස බැලීමටත් මුදල් ඉතිරි කරගැනීමටත් හැකියාව ලැබෙනවා.

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner