තේ පැන් සංග්‍රහයකට කදිම ස්ට්‍රෝබෙරි ස්ටීම් චීස් කේක්

තේ පැන් සංග්‍රහයකට කදිම ස්ට්‍රෝබෙරි ස්ටීම් චීස් කේක්

ad-bannerරසපදම

Published on 2/10/2020

107 Views

ස්ටෝබෙරි රසට පොඩිත්තන් හරිම කැමතියි. ස්ට්‍රෝබෙරි රසටම චීස් රසත් එක් කළොත් පොඩිත්තෝ ඊටත් වඩා ආස වේවි. නිවසේ තේපැන් සංග්‍රහයකට කදිම ස්ටීම් ක්‍රමයට සාදාගත හැකි කේක් වර්ගයක් පිළිබඳව ගෘහණියන් දැනුවත් කරන්නටයි මේ සූදානම. strawberry steam cheese cake ඔබගේ නිවසේ සියලුම දෙනා ආදරයෙන් වැළඳ ගනීවි යැයි අප විශ්වාස කරමු.
 


පිළියෙල කිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය,


           - බිත්තර දෙකක්
           - පිටි ග්‍රෑම් තිහක්
           - බේකිං පවුඩර් තේ හැඳි කාලක්
           - මාගරින් හෝ එළවළු තෙල් ග්‍රෑම් 30 ක්
           - චීස් ග්‍රෑම් හතළිහක්
           - ටින් කිරි මේස හැඳි දෙකක්
           - ස්ට්‍රෝබෙරි පේස්ට් මේස හැඳි බාගයක්

ස්ටෝබෙරි පේස්ට් එක ස්ට්‍රෝබෙරි ගෙඩි හතරක් බ්ලෙන්ඩ් කර සාදා ගැනීමට පුළුවන.

කේක් එක උඩ සැරසීමට,


           - කිරි මිලි මීටර් 65 ක්
           - ටින් කිරි මේස හැඳි දෙකක්
          - cornflour මේස හැඳි එකක්
           - රම් එසන්ස් තේ හැඳි කාලක්

පිළියෙල කරගන්නා ආකාරය,


මුලින්ම බිත්තර සහ සීනි එකට දමා ගසාගන්න. මාගරින් දියකර ගන්න. එය පසෙකින් තබාගන්න. මාගරින් ද බිත්තර සීනි මිශ්‍රණයට එකතු කර පිටි සමග බේකින් පවුඩර් හලා එයද බිත්තර මිශ්‍රණයට එකතු කරගන්න. චීස් ග්‍රේට් කර එකතු කරන්න. ටින් කිරි සහ ස්ට්‍රෝබෙරි පේස්ට් එකතු කර උතුරන වතුර බඳුනක තබා වතුර රත් වූ පසු foil කොළයකින් වසා ගත් තැටිය බඳුන මත තබන විට steel දරණුවක් මත තබා විනාඩි තිහක් තම්බාගන්න. ස්ටීමරය ට හතරැස් තැටියක් තැබීමට අපහසු නිසා ඒ සඳහා රවුම් තැටියක් උපයෝගී කරගන්න. පසුව කිරි ලිප තබා එයට ටින් කිරි දමා වතුර ටිකකින් දියකරගත් කොන් ෆ්ලා දමා රම් එසන්ස් දමා කලවම් කර කේක් එක නිවුණු පසු උඩින් වත් කරන්න.

දැන් ඔබට රසවත් ස්ට්‍රෝබෙරි ස්ටීම් චීස්කේක් රසවිඳීමට පුළුවනි. මෙවැනි කේක් වර්ගයක් නිවසේ අවන් එකක් නොමැති කාන්තාවන්ට ද පිළියෙල කර ගැනීමට හැකි වන්නේ මෙය ස්ටීමරය ක් ආධාරයෙන් පිළියෙල කරගන්නා බැවිනි. ඔබත් අදම ස්ට්‍රෝබෙරි steam cheese cake පිළියෙලකර රසවත් කේක් අත්දැකීමක් ඔබගේ තේ මේසයට එක් කරන්නට අමතක නොකරන්න. නිවසට අමුත්තන් පිරිසක් පැමිණි විට ද සාම්ප්‍රදායිකව වෙළෙඳ පොළෙන් මිලට ගත් කේක් වර්ගයකින් සංග්‍රහ කරනවාට වඩා මෙවැනි රසවත් ආකාරයකින් සංග්‍රහ කිරීමට හැකිනම් එය කෙතරම් වටිනවාද. ඔබගේ අමුත්තන් ද ඔබට ප්‍රශංසා කරාවි. ඔබගේ හැකියාව අගය කරාවි. සම්ප්‍රදායික ගෘහණියන් අතරින් ඔබව වඩාත් කැපීපෙනෙන ගෘහණියක් ද වනු නොඅනුමානයි.

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner