පීනට් බටර් ගෙදරදීම හදමුද?

පීනට් බටර් ගෙදරදීම හදමුද?

ad-bannerරසපදම

Published on 12/1/2019

362 Views

වෙළඳපලේ තිබෙන බටර් වර්ග අතරින් පීනට් බටර් කියන්නේ තරමක් මිල අධික එ්වගේම ගුණයෙන් හා රසයෙන් වැඩි බටර් වර්ගයක්. මෙය නිවසේදී ඉතාම පහසුවෙන් සකස් කර ගත හැකි අාහාරයක්. විශේෂයෙන්ම ක්‍රීඩා වල නියැලෙන දරුවන්ට ඉක්මනින් ශක්තිය ලබාදෙන කැල්සියම්, විටමින් සපිරුන අාහාරයක්. මේ සඳහා උවමනා වෙන්නේ ඉතාම සුළු අමුදාවය ටිකක්.

 

  1. රටකජු 250 g
  2. මී පැණි මේස හැඳි 01 හෝ දුඹුරු සීනි මේස හැඳි 01
  3. සුදු පොල්තෙල් මේස හැඳි 02
  4. ලුණු ස්වල්පයක්

 

පළමුවෙන්ම පොතු ඉවත්කළ අමු රටකජු 250 g මද ගින්දරේ බැද ගත යුතුය. ලා රන්වන් පාටක් වන තුරු මෙය බැදගත හැකි අතර අවැසි නම් අවන් කළ හැක.

 

බැදගත් රටකජු ග්රයින්ඩරයක් අාධාරයෙන් හොඳින් කුඩු කර මී පැණි මේස හැඳි 01 හෝ දුඹුරු සීනි මේස හැඳි 01 එකතු කළ යුතුය.

 

මී පැණි දැමුවොත් බටර් එක වඩාත් රසවත් වේ.

 

නැවතත් ග්රයින්ඩරය අාධාරයෙන් රටකජු ටික අඹරා වර්ණ හෝ රස නොමැති පිරිසිදු සුදු පොල් තෙල් මේස හැඳි 02 ද ලුණු ස්වල්පයක් ද දමා විනාඩි 5-6 ක් අඹරා ගත යුතුය.

 

එය පළමුව ඝනකම් තලපයක් අාකාරයට වන අතර වැඩි වේලාවක් අැඹරීමේදී රටකජු වලින් තෙල් මිදීමට පටන් ගෙන බටර් එක හොඳින් සාදාගත හැක.

 

බටර් අවැසි ඝනකමට එන තෙක් ත්ල් ස්වල්පය බැගින් එකතු කළ හැකි අතර සාදාගත් බටර් ජීවාණුහරණය කළ වීදුරු බෝතලයක අසුරා භාවිතයට ගත හැකිය.

 

මෙය ශීතකරණයේ දැමීම අවැසිම නොවේ. සාදාගත් පීනට් බටර් පාන්, බිස්කට් සමඟ රස බැලිය හැක.

 

ඉතා සුළු මුදලක් යොදවා ස්වයං රැකියාවක් ලෙසද ගුණාත්මක බවින් හා රසයෙන් ඉහළ පීනට් බටර ඔබට නිවසේදීම සාදා ගත හැක.

 

- Dilki Shamani

Photo credits : Internet

 

 

 

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner