කටට රසට පන්ජාබි සමෝසා

කටට රසට පන්ජාබි සමෝසා

ad-bannerරසපදම

Published on 2/4/2020

175 Views

අවශ්‍ය ද්‍රව්‍ය-
පාන් පිටි කෝප්ප දෙකහමාරක්
ලුණු කුඩු තේ හැඳි එකක්
දියකරගත් ගිතෙල් මේස හැඳි හතරක්
වතුර අවශ්‍ය තරමට
පොල්තෙල්
තම්බා පොඩිකරගත් අල ග්‍රෑම් 500
සුදුරු ඇට තේ හැඳි 1
අබ ඇට තේ හැඳි 1/2
කහකුඩු තේ හැඳි 1/4
සිහින්ව කපා ගත් අමු අමුමිරිස්
සිහින්ව කපා ගත් ලූනු
දෙහි යුෂ
ගරම් මසාලා තේ හැඳි 1
මිරිස් කුඩු තේ හැඳි 1
කැබලි ගම්මිරිස් තේ හැඳි 1
එළවළු තෙල් මේස හැඳි 3
කුඩාවට කපාගත් සුදු ලූණු
කුඩාවට කපාගත් ඉඟුරු
කරපිංචා
අවශ්‍ය පමණට ලුණු

 

 

පිළියෙල කරගන්නා ආකාරය,


ප්‍රථමයෙන්ම භාජනයකට පාන් පිටි එක්කර එයට ලුණු කුඩු සහ ගිතෙල් එක්ක කර මිශ්‍ර කර එයට වතුර ස්වල්පය බැගින් එක්කරමින් හොඳින් මිනිත්තු 5ක් පමණ අත්ගසා ඝනකමින් යුත් පිටි මෝලියක් සදා බඳුනකට දමා වියළි රෙදි කැබැල්ලකින් වසා පැය භාගයක් තිබෙන්නට හරින්න. ඒ අතරතුර පිරවූම සෑදීම සඳහා භාජනයක එළවළු තෙල් රත්කර එයට අබ එක්කර පුපුරන විට එයටම සූදුරු අමුමිරිස් සුදුලූනු ඉඟුරු සහ කරපිංචා එක්කර තත්පර තිහක් පමණ තෙම්පරාදු කර ගන්න. ඉන්පසු එයට කහ කුඩු මිරිස් කුඩු සහ ගරම් මසාලා එක්ක මිශ්‍ර කරමින් තවත් තත්පර තිහක් පමණ බැද එයට ම ලූණු සහ අල කැබලි එක්කර ලුණු රස පදමට දමා වරින් වර මිශ්‍ර කරමින් මිනිත්තු 5ක් පමණ පිසගන්න. දැන් ඔයාට කැබලි ගම්මිරිස් එක්කර තවත් මිනිත්තුවක් පමණ පිස ලිපෙන් ඉවතට ගෙන දෙහි යුෂ එක් කර මිශ්‍ර කරගන්න. දැන් මෙයට කැබලි ගම්මිරිස් එක්කර තවත් මිනිත්තුවක් පමණ පිස ලිපෙන් ඉවතට ගෙන දෙහි යුෂ එක් කර මිශ්‍ර කර ගැනීමෙන් පසුව පසෙක තබා ගත් පිටි මෝලිය ගෙන සමාන කොටස් වලට වෙන්කර බෝල සාදා එම ඔය එක බැගින් ගෙන අඟල් 8 විශ්කම්භය ඇති රවුම් සෑදෙන ලෙස තුනී කරගන්න. එහෙම රවුම් මැදින් කපා අඩ රවුම් දෙක බැගින් ලබා ගන්න. ඉන්පසු එම අඩෝ රවුමක් ගෙන එහි දාර වල වතුර ස්වල්පයක් තවරා කොන් දෙක එකතු කර කෝල් එකක් ආකාරයට සාදා එය තුළට සදාගත් පීරමින් මේස හැදි එකහමාරක් පමණ එක් කර මැදින් රැල්ලක් සිටින සේ නවා දාර හොඳින් තද කර සීල් කරගන්න. අනතුරුව ඒවා රත් වූ ගැඹුරු තෙලට දමා බැද මදගින්නේ රන්වන් පැහැවන තුරු බැද උණුසුම්ව සංග්‍රහ කරන්න.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner