රුවන්පුරෙන් බිහි වූ වේගවත්ම ක්‍රිකට් පන්දු යවන්නා..

රුවන්පුරෙන් බිහි වූ වේගවත්ම ක්‍රිකට් පන්දු යවන්නා..

ad-bannerක්‍රීඩා

Published on 2/10/2020

84 Views

ක්‍රිකට් ක්‍රීඩාව යනු ශ්‍රී ලංකාවේ පමණක් නොව මුලුමහත් ලෝකය පුරාම ප්‍රසිද්ධියට පත් ක්‍රීඩාවකි. වර්තමානය වන විට බොහොමයක් ක්‍රීඩකයන් ක්‍රිකට් ක්‍රීඩාව ඔස්සේ තමාගේ නාමය ලොවටම හඳුන්වාදී අවසන්. ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ජයගත් පාසල් ක්‍රීඩකයන් පිළිබඳවද ඔබ නොයෙක් වර අසා තිබෙන්නට පුළුවන. එසේම වාර්තාවක් තබමින් අවුරුදු 19න් පහළ වේගවත්ම ක්‍රිකට් පන්දු යවන්නා ලෙස රත්නපුර ඔපනායක මිදැල්ලදෙණියෙ පදිංචි K.K. ඒෂාන් මාලිංග නම් පාසල් සිසුවා දස්කම් පෙන්වා තිබේ. අනෙකුත් ක්රීඩකයන් මවිතයට පත් කරමින් මොහු විසින් ක්‍රිකට් පන්දු යැවීමේ නවතම වේගය පසුගියදා රන්ගිරි දඹුලු ක්‍රීඩාංගනයේදී පැවැත් වූ ක්‍රිකට් තරගාවලියේදී නිර්මාණය කරන ලදී.

 

ඔහුගේ එකම බලාපොරොත්තුව වනුයේ ලංකාවේ වේගවත්ම ක්‍රිකට් පන්දු යවන්නන් අතරට පත් වීම තුළින් ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක්වීමෙන් තමාගේ උපරිම දායකත්වය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දීමයි. ඔහුගේ පියා ජයලත් ධර්මසේන මහතා වන අතර මව රසංගිකා මහත්මියයි. ඔහුට එක් නැගණියක් ඇති අතර ඔහු සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබන ලද්දේ ඕපනායක විද්‍යාතර මහා විද්‍යාලයෙනි. උසස් අන්දමින් සාමාන්‍ය පෙළ සමත්වීමෙන් පසුව ඒෂාන් උසස් පෙළ වාණිජ අංශයේ හැදෑරීම සඳහා රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වී තිබේ. මෙම වර්ෂයේදී ඔහු උසස් පෙළ විභාගයට මුහුණ දීමට බලාපොරොත්තුවෙන් සිටි. ඔහු විසින් ඕපනායක විද්‍යාතර විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේදී දුර පැනීම, උස පැනීම, මීටර් 100 ධාවන තරඟ සඳහා සහභාගී විය. තවද පාසල් ක්‍රිකට් තරගාවලියේ දී සබරගමු පළාත් තුන්වැනි ස්ථානය ද මොහු විසින් හිමිකරගන්නා ලදී.

 

 

තවද පළාත් ක්‍රිකට් තරඟාවලියේදී තුන් ඉරියව්වෙන් විශේෂ දස්කම් දක්වා සම්මානයටද පාත්‍රවිය. big match ඉනිම් දෙකකදී පන්දු යවන්නා ලෙස wicket පහක් සහ හයක් ලබා ගනිමින් තරගයෙ වීරයා බවට ද ඔහු පත්විය. මොහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් ලෙස airtel සහ දෙරණ ටීවී එක්ව සංවිධානය කළ ලංකාවේ වේගවත්ම පන්දු යවන්නා වැඩසටහනට සහභාගී වීම හැඳින්විය හැක. එදින ඔහුගේ පන්දු යැවීමේ වේගය පැයට කිලෝමීටර් 127 ක් වූ අතර දෙවන වටයේදී පැයට කිලෝ මීටර් එකසිය තිස් එකක් විය. ඉන් අනතුරුව අවසන් හතළිස් පස් දෙනා අතරට තේරී පත්වුණු ඒෂාන් ලංකාවේ ජේෂ්ඨ ක්‍රිකට් පුහුනු කරුවන් කිහිප දෙනෙකුගෙන්ම පුහුණුවක් ලබා ගැනීමට තරම් වාසනාවන්ත විය. එම වටයේදී ඔහුගේ වේගය පැයට කිලෝමීටර් 131 ක් වූ අතර එය 133 දක්වා වර්ධනය කර ගන්නට ඔහුට හැකි විය.

 

එම වැඩසටහනෙහි අවසන් මහා තරගය දඹුල්ල රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්වූ අතර එහිදී ඔහු විසින් වේගවත්ම පන්දු යවන්නා ලෙස සම්මානයට පාත්‍ර වූයේ පැයට කිලෝමීටර් 141ක වේගයක් වාර්තා කරමින්. විවිධ දුෂ්කරතා කම්කටොලු මැද මෙවැනි දුරක් පැමිණි මොහු වැනි දිරිය දරුවන් මුලු මහත් ජාතියටම ආඩම්බරයකි. යම් දිනෙක ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක්වී තමාගේ නාමය ලොව පුරා බබලවන්නට මොහුට හැකි වේවා යැයි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachihi

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner