ප්‍රථම ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට

ප්‍රථම ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට

ad-bannerක්‍රීඩා

Published on 1/23/2020

170 Views

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා-සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 10 ක පහසු ජයග්‍රහණයක් අත්කර ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

 


මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 358 ක් ලබා ගැනීමට සමත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ඊට සාර්ථක පිළිතුරක් ලබා දෙමින් කඩුලු 09 ක් දැවී ලකුණු 515 ක් ලබා ගැනීමට සමත් විය.

 


එහිදී සිය පළමු ද්විත්ව ශතකය වාර්තා කළ ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්විය.

 


ලකුණු 157 ක් පිටුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹූ සිම්බාබ්වේ පිතිකරුවන් සියලු දෙනා ලකුණු 170 කට සීමා කිරීමට හැකිවුණා. සුරංග ලක්මාල් සිම්බාබ්වේ ඉනිමේ පළමු පිතිකරුවන් සිව් දෙනාම දවා ගැනීමට සමත් වූනා

 


ලකුණු 14 ක ඉලක්කය පන්දුවාර 03 කදී සපුරා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය 1-0 ක් වශයෙන් ඉදිරියෙන් සිටින අතර දෙරට අතර දෙවැනි සහ අවසන් තරගය ජනවාරි 27 වැනිදා ආරම්භ වේ.

 


සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 200 ක් ලබාගත් ඇන්ජලෝ මැතිව්ස් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

 

 

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner