පැසිපන්දු ක්‍රීඩක කෝබේ සහ දියණිය හෙලිකොප්ටර් අනතුරකින් මරුට

පැසිපන්දු ක්‍රීඩක කෝබේ සහ දියණිය හෙලිකොප්ටර් අනතුරකින් මරුට

ad-bannerක්‍රීඩා

Published on 1/27/2020

295 Views

එක්සත් ජනපදයේ පැසිපන්දු සුපිරි ක්‍රීඩක කෝබේ බ්‍රයන්ට් සහ ඔහුගේ දියණිය ජියානා කැලිෆෝනියාවේ කැලබාබස් නගරයේ හෙලිකොප්ටර් අනතුරකින් මියගියා. ඔවුන් දෙදෙනා අැතුළු පුද්ගලයින් 9 දෙනෙකු අනතුරින් මිය ගියා.

 

41 හැවිරිදි බ්‍රයන්ට් සහ 13 හැවිරිදි ගියානා පෞද්ගලික හෙලිකොප්ටරයක ගමන් කරමින් සිටියදී එය පහළට පැමිණ ගිනිගෙන පුපුරා ගොස් තිබෙනවා. අනතුරින් කිසිවෙකුටත් දිවි ගලවා ගැනීමට හැකි වුයේ නැහැ.

 

පස් වතාවක් NBA ශූරයකු වන බ්‍රයන්ට් සිය වෘත්තීය ජීවිතය පුරාම එල්ඒ ලේකර්ස් වෙනුවෙන් ක්‍රීඩා කළ අතර ක්‍රීඩාවේ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු ලෙස සැලකෙනවා.

 

ඔහුගේ හදිසි මරණය ගැන බොහෝ දෙනෙක් කම්පනය පළ කරමින් කීර්තිමත් පුද්ගලයින් සහ සෙසු ක්‍රීඩා තාරකාවන්ගෙන් උපහාර පිදෙමින් සිටිනවා.

 

එක්සත් ජනපදය පුරා පැසිපන්දු ක්‍රීඩා වලදී නිහඬතාවය දක්වමින් ඔහුව සිහිපත් කෙරෙනවා. ලොස් ඇන්ජලීස් ලේකර්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ග්‍රැමී සම්මාන උළෙලේදී බ්‍රයන්ට් ද සිහිපත් කර තිබුණා.

 

"අපි හැමෝටම දැන් පුදුම දුකක් දැනෙනවා," ග්‍රැමීස් සත්කාරක ඇලීෂියා කීස් පැවසුවා. "අද දින ලොස් ඇන්ජලීස්, ඇමරිකාව සහ මුළු පුළුල් ලෝකයටම වීරයෙකු අහිමි වුණා. අපි වචනයෙන් කියනවනම් අපි මෙහි සිටගෙන සිටින්නේ කෝබේ බ්‍රයන්ට් විසින් ඉදිකරන ලද නිවස තුළයි."

 

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner