ඩිවිලියර්ස් නැවතත් සුපුරුදු රිද්මයට (HIGHLIGHTS)

ඩිවිලියර්ස් නැවතත් සුපුරුදු රිද්මයට (HIGHLIGHTS)

ad-bannerක්‍රීඩා

Published on 1/25/2020

110 Views

 ඕස්ට්‍රේලියානු බිග් බැශ් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ මෙල්බන් ස්ටාර්ස් හා බ්‍රිස්බේන් හීට්   අතර තරඟය අද මෙල්බර්න් හිදී පැවැත්වුණා.

 

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බ්‍රිස්බේන්  ක්‍රීඩකයෝ නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 5ක් දැවී ලකුණු 185 ක් රැස් කළා.

 

නැවතත් දකුණු අප්‍රිකා ජාතික පිලට එක් වීමට සූදානමින් සිටින ඒ බී ඩිවිලියර්ස් තම සුපුරුදු දක්ෂතා අතරට එක් වෙමින් පන්දු 37 කදී ලකුණු හැත්තෑ එකක් ලබා ගැනීමට සමත්වීම කැපී පෙනෙනවා. ඊට හයේ පහර හයක් ඇතුළත්.

 

 

ඩිවිලියර්ස් මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දී තිබුණද එළැඹෙන පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ දී දකුණු අප්‍රිකා පිල හා එක්වීමට මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා.

 

 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල මෙල්බර්න්  කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු එකසිය පහළොවක් පමණයි.

 

 

 

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner