වෝනර්ගෙන්  ත්‍රිත්ව ශතකයක්(HIGHLIGHTS)

වෝනර්ගෙන් ත්‍රිත්ව ශතකයක්(HIGHLIGHTS)

ad-bannerක්‍රීඩා

Published on 11/30/2019

221 Views

ඕස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟය ඇඩිලේඩ්හි දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙනවා.

 

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 589 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ඩේවිඩ් වෝනර් පන්දු 418 මුහුණදෙමින් නොදැවී ලකුණු 335 ක් රැස් කළා.

 

 

ඔහුට අනගි සහයක් ලබා දුන් මානස් ලබුචනෙ  ලකුණු 162 ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 361 සබඳතාවක් ගොඩනැංවීමද කැපී පෙනෙනවා.

 

 

ඩෙව්ඩ් වෝනර්  රැස්කළ ලකුණු 335 ටෙස්ට් ක්‍රිකට් පිටියේ වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාවන්  අතර දහවැනි ස්ථානය හිමි වනවා. ඕස්ට්‍රේලියාව වාර්තා කල හත්වන ත්‍රිත්ව ශතකය වීමද විශේෂත්වයක්.

 

 

ඕස්ට්‍රේලියා ඉනිමේ  බිඳ වැටුනු කඩුලු 3ම  දවා ගැනීමට සමත්වූයේ ශහින් ශා අෆ්රිඩි විසිනි.

 

 

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner