සිංදු අහන ඔයාට ඕනම ඇප් එකක්

සිංදු අහන ඔයාට ඕනම ඇප් එකක්

ad-bannerඅලුත් ලෝකය

Published on 2/15/2020

758 Views

අලුත් ගැජට් සහ ඇප්ස් තුළින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බෆල් සහ ස්පීකර්ස් වලින් ලබාගත හැකි සංගීතයක් මවන ඇප් එකක් ගැන. සාමාන්‍යයෙන් surround sound අත්දැකීම විඳගන්න විවිධ දෘඩාංග වල සහය අවශ්‍ය වෙනවා. නමුත් එවැනි දෘඩාංග භාවිතයකින් තොරව ජංගම දුරකථයෙන් මේ අත්දැකීම විඳගන්න අවස්ථාව දැන් උදා වෙලා තියෙනවා. මේ අත්දැකීම හොඳින්ම විඳගන්න පුළුවන් වෙන්නේ music player එකක් විදියට Boom music player app එක හදුන්වා දෙන්න පුළුවන්. කලින් සකස් කරන ලද Equalizer සැකසුම් මගින් හෝ ඔබේ කැමැත්තට අනුව නිර්මාණය කරන ලද සැකසුම් ඔස්සේ මේ අත්දැකීම විඳගන්න පුළුවන්.Equilizer හි features රාශියක් තිබෙනවා. party, pop, reggae, rock, soft, terble, vocals, metal සහ DJ ආදී සේවාවන් වලින් ඔබට මේ මොහොතේ රසවිදින්න කැමති ගීතයක් වෙනත් ආකාරයකට අසන්නට හැකියාව ලැබෙනවා.

උදාහරණයක් විදියට ඔබ මේ මොහොතේ අසන ගීතය සරල ගීතයක් නම් ඔබට එය reggae ලෙස අහන්න හැකියාව ලැබෙනවා. ඒ reggae සේවාව හරහා. එහිදී ඇප් එකේ music library වෙත ගොස් ගීතය තෝරා ගෙන equilizer හරහා අදාළ feature එක tick කල විට එම තාලෙට ඔබට ගීතය රසවිඳින්න හැකියාව ලැබෙනවා. Boom app එක මගින් Tidal වැනි සේවාවන් පමණක් නොවෙයි google drive හෝ drop box එවැනි සේවාවන් තුලින් ලැබෙන සංගීතය පවා නොමිලේ රසවිඳින්න හැකියාව ලැබෙනවා.


මේ app එකේ ඇති අනෙක් විශේෂත්වය වන්නේ radio අහන්නත් ඔබට අවස්ථාව ලැබෙනවා. ලෝකයේ ගුවන්විදුලි නාලිකා 20,000 කට අධික ප්‍රමාණයක් නොමිලේ රසවිඳින්න මින් අවස්ථාව ලැබෙනවා. එහි ඇති radio option එකේ තියෙන mood features තුළින් ඔබ මේ මොහොතේ සිටින මූඩ් එකට ගැලපෙන ගීතයක් රසවිඳින්න හැකියාව ලැබෙනවා. එහි calm, dark, dreamy, energic, happy, lucky ආදී විවිධ ගීත රසවිඳින්න පුළුවන්.


Boom setting හරහා ඔබට හෙඩ්ෆෝන් වර්ගයට අනුව ශබ්ද පාලනය කරගැනීම වැනි විශේෂාංග රැසක් ලබා ගන්න හැකියාව ලැබෙනවා. Bass boost තුළින් ඕනෑම සංගීතයක් උත්සවයකට සුදුසු ලෙස sound වෙනස් කිරීමට ඇති හැකියාව නිසා උත්සවයක් ගීතවත් කරන්න වුණත් මේ ඇප් එක යොදාගන්න පුළුවන්. මෙහි විශේෂත්වය තමයි මේ Boom ඇප් එක මිතුරන් අතරේ වයිබර් වට්ස්ඇප් මැසෙන්ජර් හරහා share කළ හැකිවීමයි. මේ වැනි විශේෂාංග රැසක් ඇතුළත් Boom ඇප් එක playstore වෙතින් නොමිලේම බාගත කරගන්න.

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

Tags:
ad-banner

0 Comments

Leave a comment

ad-banner