අලුත් ඇප්ස් හා ගැජට් - 7

අලුත් ඇප්ස් හා ගැජට් - 7

ad-bannerඅලුත් ලෝකය

Published on 2/21/2020

82 Views

දුරකථනය ස්මාර්ට් වීමත් සමඟ අපේ වැඩකටයුතු කොතරම් පහසුවී තිබෙනවාද. මේ මොහොතේ ස්මාර්ට් වෙමින් යන තාක්ෂණයට නව mobile apps දිනෙන් දින එකතු වෙනවා. මේ එසේ එක් වූ තවත් ඇප් කිහිපයක් පිළිබඳ සටහනක්.

සමාජ සේවාවන් සඳහා අරමුදල් එකතු කරන ඇප්ස්

විවිධ සමාජ සේවාවන් සඳහා අරමුදල් එකතු කර කරගැනීමට ෆේස්බුක් තුල භාවිතා වන fundraisers පහසුකම ගැන වැඩි දෙනෙක් දන්නවා ඇති. මේ අරමුදල් එකතු කිරීමේ පහසුකම තව දුරටත් ව්‍යාප්ත කරමින් instagram profile facebook stories game streaming වැනි දේ හරහා අරමුදල් එකතු කිරීමේ හැකියාව ලබා දෙන්න ෆේස්බුක් සමාගම කටයුතු කර තිබෙනවා. මේ අලුත්ම features හරහා ලාභ නොලබන ආයතන වලට තමන්ගේ instagram profile එක හරහා තම පරිශීලකයින්ගෙන් සෘජුවම මුදල් ලබා ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. මේ හරහා එම සංවිධානයට උදව් කිරීමට කැමති ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් තමන්ගේ සහාය දැක්වීමට හැකියාව තිබෙන අතර ෆේස්බුක් හා instagram stories හරහා donation stickers එකතු කිරීමටද හැකියාව ලැබෙනවා. ඒ වගේම මේ පහසුකම් හරහා facebook live stream geming වලදී තම නරඹන්නන්ගේ live streams අතරතුර අරමුදල් එකතු කර ගැනීමේ හැකියාව ලබාදී තිබෙනවා.
කොහොම වුණත් මේ පහසුකම මූලිකවම ඇමරිකාව සඳහා පමණක් ලබා දීමට මොවුන් කටයුතු කර තිබෙන අතර ඉතා ඉක්මනින් අනෙක් රටවල් සඳහාත් මේ අවස්ථාව ලබාදීමට උත්සාහ කරන බවයි වාර්තා වෙන්නේ.

දුරකථනයෙන් ඡායාරූප එඩිට් කරන pixlr editor ඇප් එක

කවුරුත් කැමැති තමන් ගත් ඡායාරූපයට වෙනසක් එක් කරන්න. ඒ නිසාම තමන් ගන්නා ඡායාරූප edit කරන්න බොහෝ දෙනෙක් පුරුදු වෙලා තියෙනවා. දුරකතනයෙන් ඡායාරූප වල වැඩ කරන කෙනෙක් නම් ඔබට අවශ්‍යම app එකක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. Photoshop වලට කාලය වැය කරන්නේ නැතිව පහසුවෙන්ම භාවිතා කරන්න පුලුවන්. Pixlr app එකේ filters ඇඩ් කරන්න පුළුවන්. bridness සකස් කරන්න ඡායාරූපය crop කරන්න වගේ මූලික දේවල් කරගන්න පුලුවන්. එයට අමතරව pixel editor app එක මගින් photoshop වලට සමාන interface එකකින් සමන්විත ඔබට ඡායාරූපය තවදුරටත් වෙනස්කම් කරගන්නට හැකියාව තියනවා. playstore වෙත පිවිස picture editor app එක download කරගන්න. එහි camera photo collage template යනුවෙන් ටැබ් හතරක් දිස්වෙනවා. කැමරා ටැබ් එක වෙත පිවිසීමෙන් ඇප් එක හරහාම ඡායාරූපයක් ගැනීමට හැකියාව තියෙනවා. එහි front කැමරා back කැමරා දෙකම ක්‍රියාත්මක වෙනවා.


මේ ආකාරයට photoshop හරහා කළ හැකි සියළුම වෙනස්කම් ඔබට මේ ඇප් එකෙන්ම කළ හැකි නිසා දැන් ෆොටෝ එඩිට් කිරීමට එතරම් වෙහෙස විය යුතු නැහැ.

ad-banner

0 Comments

Leave a comment

ad-banner