You Tube ට්‍රික්ස්

You Tube ට්‍රික්ස්

ad-bannerඅලුත් ලෝකය

Published on 1/13/2020

141 Views

අන්තර්ජාලය භාවිතයෙන් එදිනෙදා කටයුතු සිදුකරන්න වැඩිදෙනෙක් පෙළඹිලා තියෙනවා. මේ නිසාම YouTube කියන්නේ හැමෝටම හුරුපුරුදු දෙයක්. අලුත් අලුත් දේ ඉගෙන ගන්න රසාස්වාදයට YouTube නැතුවම බැරි දෙයක් වෙලා. ඉතින් මේ YouTube වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂමව භාවිතා කරන්න පුලුවන් පුංචි tricks කිහිපයක් ගැන මෙම ලිපියෙන් ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.
 


1.YouTube Translate


සිංහල නොවන වීඩියෝ බලනකොට ගොඩක් අය කැමතියි තේරුම් තේරුම් ගන්න පහසු වෙන්න උපසිරැසි සහිතව බලන්න. ඔයාට පුලුවන් කම තියෙනවා YouTube Video එකේම උපසිරසි එකතු කරගන්න. ඒක කරන්නේ මෙහෙමයි. වීඩියෝ එකේ menu bar එකේ දකුණු පැත්තේ CC ලෙස සඳහන් බට්න් එකක් තියෙනවා. ඒ බට්න් එක ක්ලික් කරාම ඔයා ප්ලේ කරල තියෙන වීඩියෝ එකට වෙනත් භාෂාවකින් උපසිරැසි යොදා ගන්න හැකියාව තියෙනවා. නමුත් හැම වීඩියෝ එකේම ඒ වගේ බට්න් එකක් නැහැ. මොකද ඒ වීඩියෝ එක අප්ලෝඩ් කළ එහි හිමිකරුවා වීඩියෝව translate කිරීමට ඇති අවසරය ඉවත් කරන අවස්ථාත් තියෙනවා.
 


2.YouTube Transcript

ට්‍රාන්ස්ක්‍රිප්ට් කියන්නේ YouTube මගින් ඔබට ලබා ගන්න පුළුවන් තවත් පහසුකමක්. එහිදී වීඩියෝ එකේ share බට්න් එකට යටින් more කියලා බට්න් එකක් තියෙනවා. ඒක ක්ලික් කළාම ට්‍රාන්ස්ක්‍රිප්ට් නමින් ටැබ් එකක් ඔබට දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම youtube upload කරන හැම වීඩියෝ එකටම automatically generated වෙන ආකාරයට පිටපතක් සකස් කරගන්නවා. ඒ වගේම වීඩියෝ එක අප්ලෝඩ් කරන කෙනෙකුට තමන්ට කැමති නම් එම පිටපත කියවීමේ පහසුකම සඟවා තබන්නත් පුළුවන්. කොහොම වුණත් මෙම ට්‍රාන්ස්ක්‍රිප්ට් ක්‍රියාවලියේ තවත් පහසුකමක් තියෙනවා. ඒ තමයි ඔබ නරඹන වීඩියෝ එකේ යම් තැනක් නැවත නරඹන්න උවමනා වුණොත් එහිදී ඔබට පහසුවෙන් ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ඔස්සේ තෝරාගත් අවශ්‍ය කොටස පමණක් නරඹන්න පුළුවන්. මුළු වීඩියෝවම නරඹලා අවශ්‍ය තැන හොයමින් ලතවෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

 


3.වීඩියෝ පහසුවෙන් ඩවුන්ලෝඩ් කර ගන්න

ඔබ කැමතිම යම් වීඩියෝවක් YouTube එකේ තිබෙනවා නම් ඔබට එය පහසුවෙන් බාගත කර ගැනීමේ හැකියාව තියෙනවා. එය ඔබට වීඩියෝ විදිහටත් නැත්නම් mp3 විදිහටත් එහෙමත් නැත්නම් වෙනත් ෆෝමැට් එකකටත් බාගත කරගන්න පුළුවන්. එහිදී ඔබ කැමති video වීඩියෝ URL එකේ htt://www කියන කොටස ඉවත් කර ඒ වෙනුවට SS යෙදීමෙන් ඔබට එය ඩවුන්ලෝර්ඩ් කරගන්න පුළුවන්.
YouTube හරහා අපට GIF නිර්මාණය කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඊට භාවිතා කරන්නේ Giphy.com, gifs.com, makeagif.com වගේ වෙබ් අඩවි කීපයක්. ඔබට කරන්න තියෙන්නෙ මෙවැනි වෙබ් අඩවියකට ගිහින් youtube වීඩියෝවෙන් GIF එක නිර්මාණය කරගන්න අපට අවශ්‍ය වන කොටස ආරම්භ වන වේලාව සහ අවසන් වන වේලාව සඳහන් කිරීමයි. ඉන්පසුව ඔවුන් අදාළ වීඩියෝ කොටසින් GIF එක නිර්මාණය කරල අපිට බාගත කරගන්නට හෝ වෙනත් වෙබ් අඩවියක පළ කරන්නට අවස්ථාව ලබාදෙනවා.

ඉතින් නිතරම youtube භාවිතයේදී මේ වගේ පුංචි tricks භාවිතා කරලා ඔබේ කාලය ඉතිරි කරගෙන අවශ්‍ය කාර්යය නිවැරදිව කරගන්න පුරුදු වෙන්න.

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner