අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගැන දැනගනිමු

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගැන දැනගනිමු

ad-bannerඅලුත් ලෝකය

Published on 10/27/2019

953 Views

විශ්වය කියන්නේ හරි පුදුමාකාර දෙයක්.බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා විශ්වය ගැන ඕනාවට වඩා සොයන්න යන්න එපා කියලා.ඒත් අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගැන දැනගෙන ඉන්න එක වැදගත්.ශ්‍රී ලංකාවට ඉහළ අහසේ මේ දිනවල අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගමන් කරනවා.එම නිසාම අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගැන සටහනක් තබන්නට සිතුවා.පෘථිවියට සැතැපුම් 240ක් එහෙම නැතිනම් කිලෝමීටර් 390ක් එපිටින් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය පිහිටා තිබෙනවා.

 

 

2000 වර්ෂයේ නොවැම්බර් මාසයේ සිට ගගනගාමීන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටිනවා.ගගනගාමීන් සහ අවශ්‍ය අනෙකුත් සැපයුම් ද්‍රව්‍ය අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යන්නේ ඇමරිකානු ශටල සහ රුසියානු soyuz සහ progress නැමැති අභ්‍යාවකාශයානා වලින්.එලෙස අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යන ගගනගාමීන් මාස හයක කාලයක් පෘථිවි කක්ෂයේ රැඳී සිටිමින් එහි වැඩ කටයුතුවල නිරත වෙනවා.පෘථිවි කක්ෂයේ රැඳී සිටිමින් සහ එහි සේවයේ නිරත වෙමින් සිටින ගගනගාමීන්, මිනිසුන්හට අභ්‍යවකාශයේ ජීවත් වීමට සහ වැඩ කිරීමට ඇති හැකියාව පිළිබඳ බොහෝ කරුණු හෙලිදරව් කර තිබෙනවා.

 

 

මේවන විට වර්ෂ 2000 සිට රටවල් 18ක ගගනගාමීන් 236ක් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගොස් තිබෙනවා. එමෙන්ම මේ වන විට ගගනගාමීන් 6 දෙනෙකු අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටිනවා.අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘථිවි කක්ෂය වෙත දියත් කළේ කළේ වර්ෂ 1998 නොවැම්බර් 20, ඒ කියන්නේ එළැඹෙන නොවැම්බර් විසි වෙනිදා ට අවුරුදු 21ක් සම්පූර්ණ වනවා.මීටර් 51 ක් දිග මීටර් 109ක් පළල අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය කිලෝ 419,725 ක බරකින් යුක්ත වනවා.ලෝකයේ අභ්‍යවකාශ ඒජන්සි 5ක පහක සාමූහික ව්‍යාපෘතියක් තමයි අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය.

 

 

මෙම ඒජන්සි පහ නම් NASA (ඇමරිකා එක්සත් ජනපදය), Roscosmos (රුසියාව), JAXA (ජපානය), ESA (යුරෝපය) සහ CSA (කැනඩාව).අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අයිතිය සහ භාවිතය පිළිබඳ එකඟතා අන්තර් ආණ්ඩු සන්ධාන සහ ගිවිසුම් මගින් තීරණය වී තිබෙනවා.අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය පිහිටුවීමේ අරමුණ වන්නේ විද්‍යාගාරයක් මෙන්ම නිරීක්ෂකාගාරයක් වශයෙන් කටයුතු කිරීමයි.එමෙන්ම අනාගතයේදී දියත් කිරීමට බලාපොරොත්තු වන සඳ තරණය අඟහරු තරණය සහ අනෙකුත් ග්‍රහ වස්තු පිළිබඳ අධ්‍යයන කටයුතුවලදී.

 


අභ්‍යවකාශයානා වලට ප්‍රවාහන පහසුකම් මෙන්ම නඩත්තු පහසුකම් සපයන ගොඩබැස්වීමේ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීමත් එහි අරමුණක්.ශ්‍රී ලාංකික අපිට අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය 2019 ඔක්තෝම්බර් 11 සිට ඔක්තෝබර් 31 දක්වා කාල පරාසය තුළ පියවි ඇසට දැක ගන්න පුළුවන්.



ඔක්තෝම්බර් 20 - පෙ.ව 5.32
ඔක්තෝබර් 21 - පෙ.ව.4.44
ඔක්තෝම්බර් 22 - පෙ.ව 3.59
ඔක්තෝම්බර් 22 - පෙ.ව 5.33
ඔක්තෝම්බර් 23 - පෙ.ව.4.48

 


එය දීප්තිමත් ඒ වගේම වේගවත් එමනිසා ඔබට පහසුවෙන් හඳුනාගත හැකියි.ශ්‍රී ලංකාව තුළ පැහැදිලි අහසක් ඇති ඕනෑම ස්ථානයක සිට අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය නැරඹිය හැකියි.

 

by Nimanthi Muthukudaarachchi

Photo credits : Internet

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner