Smart දුරකථනය තවත් Smart කරන ඇන්ඩ්‍රොයිඩ් Apps

Smart දුරකථනය තවත් Smart කරන ඇන්ඩ්‍රොයිඩ් Apps

ad-bannerඅලුත් ලෝකය

Published on 1/23/2020

298 Views

අලුත් ගැජට් සහ ඇප්ස් තුලින් මේ සූදානම් වන්නේ තවත් අලුත් ඇප්ස් කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නයි.



1. Navigation Gestures දෙන UbikiTouch

 



ඇතැම් දුරකථන නිෂ්පාදනවල ඒවායේ තීරයේ දාරය swipe කිරීමෙන් back යන්න හැකියාව තියෙනවා. පසුව එය Android 10 වලටත් ඇතුළත් වුණා. ඒත් සෑම දුරකථනයකම එම පහසුකම අත් විදින්නට අවස්ථාව ලබාදෙන්නට Ubiki Touch ඇප් එක සමත්වෙනවා. මෙය ස්ථාපනය කරගත් විට තිරයේ පසෙකින් swipe කරමින් විවිධ දේවල් කර ගැනීමට හැකියාව ලැබෙනවා. Back Recent, Home පමණක් නොව setting වෙත පිවිසීම, screenshot ගැනීම notifications පැනලය විවෘත කිරීම wifi bluetooth පාලනය කිරීම power off හා screen lock කිරීමේ ඇතුළු පුළුල් පහසුකම් ප්‍රමාණයක් මෙමගින් ලබාගත හැක. මෙම ඇප් එක බාගත කර ගැනීමට වැය වන්නේ මෙගාබයිට් 3.8 ක් පමණයි. Ads නොමැති වීම භාවිතා කරන්නන්ට විශේෂත්වයක් වගේම ඉතාම පහසුවක්.



2.පාවෙන App drawer එකක් ගෙන එන Zone launcher

 


ඔබ samsung note දුරකථන වල Edge panels දැක තිබෙනවා නම් Zone launcher යනු ඕනෑම දුරකථනයකට එය ලබාගන්නට අවස්ථාව දෙන ඇප් එකක්. එකවර Apps කිහිපයක වැඩ කරගන්නා කෙනෙකුට මෙය වඩාත් පහසු වෙනවා. ඒ එක App එකක හිඳිමින් home එකට නොයා වෙනත් App එකක් විවෘත කර ගැනීමට හැකියාව ලැබීම නිසා. මෙය ස්ථාපනය කරගත් විට තිරය දාරයට ලැබෙන කුඩා කොටුව තිරය මැදට Swipe කළ විට ඔබ නිතර පාවිච්චි කරන Apps ක්ෂණිකව විවෘත කළ හැකි. වර්ණය අනුව ඔබට එය අවශ්‍ය ඒවා සමූහගත කළහැකි අතර නැතහොත App drawer එකෙන් ස්ථාපනය කරගත හැක. මෙය බාගත කරගැනීමට වැයවන්නේ මෙගාබයිට් 2.6 පමණයි.
 


3. සැඟවුනු පහසුකම් රැසක් තනි තිරයකින් ලබාදෙන MIUI Quick Settings

 



MIUI සහිත දුරකථනවල සැඟවුණු Menu විවෘත කරගන්නට සහ බාහිර ලබාදී නොමැති පද්ධති සැකසුම් වෙනස් කරන්නට මෙම App එක අවස්ථාව ලබාදෙනවා. Apps සහ notifications පාලනය කිරීම Brand එක, තිර ප්‍රමාණය DNS, Power Mode ආදිය වෙනස් කිරීම වැනි පහසුකම් රැසක් මේ හරහා ලබා දෙනවා. Test ටෙස්ට් කිරීම සඳහා QMMI mode එකට පිවිසීමේදී සාමාන්‍ය දුරකථන power of කර Vol Down+ up+power buttons සියල්ල එකවර press කළ යුතුයි. නමුත් මෙම App එක නිසා පහසුවෙන්ම QMMI Mode වෙත ක්ෂණිකව පිවිසිය හැක. මෙය බාගත කරගැනීමට මෙගාබයිට් 2.9 පමණක් වැයවේ.
 


මෙවැනි අලුත් Apps ඔබේ දුරකථනයටත් බාගත කරගෙන එහි පහසුකම් අත්විඳින්න.

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner