හරියටම ගැලපෙන Headphone එකක් තෝරාගමු

හරියටම ගැලපෙන Headphone එකක් තෝරාගමු

ad-bannerඅලුත් ලෝකය

Published on 1/19/2020

126 Views

අලුත් ගැජට් සහ තුළින් අද කතා කරන්න සුදානම් වෙන්නේ වැඩි දෙනෙක් භාවිතා කරන wireless headphone ගැනයි. තාක්ෂණයේ දියුණුවත් සමග wireless headphones කියන්නේ වර්තමානයේ අපට ඉතාම සුලබව දැකගන්න ලැබෙන දෙයක්. පැය ගණනාවක් වුවත් අපහසුවකින් තොරව හෙඩ්ෆෝන් එකක් පැළඳගෙන ඉන්න හැකි මට්ටමට අද අපි කතා කරන හෙඩ්ෆෝන් නිර්මාණය කරලා තියෙනවා. සාමාන්‍යයෙන් තරමක් හොඳ wireless headphone එකක් මිලදී ගන්න ඔබට තරමක් වැඩි මුදලක් වැය කරන්න සිදුවේවි.



1.Bose Noice Cancelling Headphones 700

 



Bose සමාගම තමන්ගේ සන්නාමය ගොඩනඟා ගන්නේම Noise Canceling පිළිබඳවයි. අද වන තුරුත් Best overall headphones නම් බොහෝ විට ලබා දෙන්නේ Bose සමාගමයි. මෙම උපාංගය විදෙස් රටවල නිතර ගුවන් යානා වල ගමන් කරන මගීන් සහ උමං දුම්රිය මගීන් අතර අතිශය ජනප්‍රිය මාදිලිය බවට පත්වෙලා තියෙනවා. අපහසුවකින් තොරව මුළු ගමන පුරාවටම පැළඳ ඉන්න හැකි වීම මෙහි විශේෂත්වයයි. Best noise cancelling headphones 700 මාදිලිය වඩාත් ආකර්ශනීය ලෙස නිමවා තිබීමත් මෙම ජනප්‍රියට හේතුවක් වෙලා තියෙනවා. ඒවගේම අනෙක් headphones වලට වඩා තරුණයින් අතර මෙය ජනප්‍රිය වීමට හේතු කීපයක් බලපා තියෙනවා. එකක් තමයි මෙහි උපාංග දෙකක් සම්බන්ධ කිරීමේ සුවිශේෂී හැකියාව. සරල උදාහරණයක් ලෙස ඔබ ලැප්ටොප් පරිගණකය හා දුරකථනය සමඟ වැඩ කරමින් සිටින විට ඔබට හැකියාව තියෙනවා පරිගණකය ඔස්සේ යම් දෙයට සවන් දෙන අතරේ ඔබේ ෆෝන් එකේ සම්බන්ධතාවය පරිගණකයෙන් දුරකථනයට මාරු නොකර එකවරම ජංගම දුරකථනයට පැමිණෙන කෝල් එකක් ආන්සර් කරන්න. ඒවගේම මෙහි ඔබට කැමති පරිදි noise cancelling ලෙවල් එක වෙනස් කරන්නත් පුලුවන්. සාමාන්‍ය භාවිතයේදී පැය විස්සක් විතර බැටරි ආයු කාලය රඳා පැවතීමක් ජනප්‍රියට වැඩි ලෙස බලපා තියෙනවා.
 


2. Sennheiser Momentum 3

 


wireless headphone එකක් තුළින් sound quality උපරිමෙන් බලාපොරොත්තු වෙන කෙනෙකුට නම් මෙම උපාංගය ඉතාම සුදුසුයි. Sennheiser සමාගම කියන්නේ ශබ්ද පාලනය හා ඒ සම්බන්ධ උපාංග නිෂ්පාදනය වෙනුවෙන්ම වෙනුවෙන් විශේෂිතය් සන්නාමයක් හිමිකරගෙන තියෙන ආයතනයක්. ඔවුන්ගේ නිෂ්පාදනයක් ලෙස එළි දැක්වුණු Momentum 3 කියන්නේ sound quality එක අතින් උපරිම තලයේ තියෙන හෙඩ්ෆෝන් එකක්. හෙඩ්ෆෝන් එක සම්බන්ධ කර වීඩියෝ නරඹන විට audio delay එකක් සිදු නොවන මට්ටමට මෙය නිර්මාණය කර තිබෙනවා. මෙහි විශේෂත්වය නම් එය තරමක් බරින් අඩු වීමයි. වඩාත් කාර්යක්ෂම ලෙස touch controls භාවිතා කිරීමේ හැකියාවත් තියෙනවා. එක්වරක් චාර්ජ් කළ පසු පැය තිහක පමණ බැටරි ආයුකාලයක් හදවා ගන්නට මෙම උපකාරයට හැකියාව තියෙනවා. මීට අමතරව ඉතා ඉක්මනින් බැටරිය ආරෝපණය කර ගන්න Quick charge mode එකකුත් මෙහි ඇතුලත් වෙනවා.

ඔබේ මුදල් වැය කර wireless headphone එකක් මිලදී ගැනීමේදී මෙම කරුණු පිළිබඳව සැලකිලිමත් වී හොඳම හෙඩ් ෆෝන් එක මිලදී ගන්න උත්සහ කරන්න.

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner