ඔබටත් සිංහල ටයිපින් අමාරුද?

ඔබටත් සිංහල ටයිපින් අමාරුද?

ad-bannerඅලුත් ලෝකය

Published on 2/8/2020

335 Views

වර්තමානය වන විට බොහොමයක් ලිපි ලේඛන සිංහලෙන් ටයිප් කර ගැනීමට අවශ්‍ය වන අවස්ථාවන් එමටයි. නමුත් බොහෝමයක් දෙනා හුරු වී සිටින්නේ english typing වලටයි. නමුත් ඔබට සිංහල භාෂාවෙන් අවශ්‍ය වන document එකක් සිංහලෙන් ටයිප් කර ගන්නට නම් පහසු ක්‍රමයක් තිබ්බොත් ඔබට වඩාත් ඉක්මනින් එම කාර්යය කර ගැනීමට හැකියාවක් ලැබේවි. නව තාක්ෂණයත් සමඟ සීඝ්‍රයෙන් ඉදිරියටම යන ලෝකයක ජීවත්වන අපට අන්තර්ජාලය කියන්නේ නුපුරුදු දෙයක් නොවේ.

 

එතරම් දියුණු තාක්ෂණයෙන් ඔබගේ එදිනෙදා වැඩ කටයුතු පහසු කර ගැනීමට හැකියාවක් පවතී නම් එවැනි ක්‍රම පිළිබඳව ඔබ ලබන දැනුවත්භාවය කෙතරම් වටිනවාද. පරිගණකයක් භාවිතා කරමින් එහි සිංහලෙන් ටයිප් කරන එක ඔබට ටිකක් අසීරු වැඩක් වන්නට පුළුවනි. සිංහල ටයිපින් නුහුරු කෙනෙකුට නම් මෙය ඉතාමත් කරදරකාරී කාර්යයක් වන අතර අධික වේලාවක් ද ඊට වැය වනු ඇත. එම ගැටලුවට විසඳුමක් පසුගිය දිනක ශ්‍රී ලාංකික තරුණයකු විසින් හඳුන්වා දෙන ලදී. ඔහු විසින් KDJ Singlish නමැති software එකක් වර්තමානය වන විට අලුත් ලෝකයට හඳුන්වා දීමට සමත් වී තිබේ.

 

 

මෙම software එක භාවිතයෙන් ඔබට ඉතාමත් අවම කාලයකින් පහසුවෙන්ම සිංහල ටයිපින් කර ගැනීමට හැකියාවක් ඇත. මෙම software එක මගින් පහසුවෙන්ම messages ටයිප් කරන ආකාරයටම සිංහල වචන ටයිප් කරන්න අවස්ථාව සලසා දී තිබේ. එලෙසින්ම ඔබ විසින් ටයිප් කර ගන්නා වචන යුනිකෝඩ් සහ ෆොන්ට් යන දෙයාකාරයටම කොපි කර ගැනීමට හැකියාවක් පවතින අතර word document, photoshop වැනි මෘදුකාංගවලට මෙන්ම web browser එකටද paste කර ගැනීමට හැකියාවක් පවතී. ඔබටත් මෙම software එක අවශ්‍ය නම් ඔබ විසින් සිදු කළ යුත්තේ එය playstore වෙත ගොස් ඩවුන්ලෝඩ් කරගැනීමයි. ඉන් අනතුරුව userguide වෙත පිවිසීමෙන් පසුව මෙම ඇප් එක භාවිතා කරන ආකාරය පිළිබඳව ඔබට සිංහල භාෂාවෙන්ම සරල පැහැදිලි කිරීමක් ලබා දෙනු ඇත. මෙහිදී ඔබ විසින් ඉංග්ලිෂ් ෆොන්ට් එකෙන් ටයිප් කරන විට ඉහළ කොටුවෙහි සිංහල ෆොන්ට් එකෙන් auto type වීමක් සිදුවෙයි.

 

එමෙන්ම මෙහිදී සිංහල යුනිකෝඩ් ආකාරයෙන් messages ටයිප් කිරීමට, මුහුණු පොතට සටහන් දැමීමට ,විද්‍යුත් පණිවිඩ යැවීමටද ඔබට හැකියාවක් ලැබේ. මෙම නවතම software එකේ ඇති අනෙකුත් විශේෂත්වය වන්නේ සිංග්ලිෂ් වලින් වගේම සිංහල අකුරු වලින් ද ටයිප් කිරීමට හැකියාව තිබීමයි. එමෙන්ම සිංහල යුනිකෝඩ් වලින් ටයිප් කළ දෙයක් සිංහල ෆොන්ට් වලට මාරු කර ගැනීමටද හැකියාවක් පවතී. එමෙන්ම ඔබ විසින් ටයිප් කර ගත් වචන එස්එම්එස්, වට්ස්ඇප් ,වයිබර් හරහා ද ඔබගේ යහළුවන් සමග බෙදා හදා ගැනීමට ද හැකියාවක් උදාකර තිබේ. තවද මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ මෙම නවතම app එක online මෙන්ම offline යන ආකාර දෙකෙන්ම භාවිතා කිරීමට හැකියාවක් පවතින නිසාවෙන් අනවශ්‍ය ලෙස data වැය වීම ද වළක්වා ගැනීමට පුළුවනි. තාක්ෂණය මිනිසාගේ එදිනෙදා කටයුතු වල පහසුවට යොදා ගැනීම වඩාත් ප්‍රායෝගික කාරණාවකි. නමුත් තාක්ෂණය අනවශ්‍ය ලෙස භාවිතා කිරීම තුළින් විනාශ වන්නේද මිනිසාම බව කිව යුතුයි. එබැවින් සැමවිටම යහපත් දේවල් සඳහා උදෙසාම පමණක් දියුණු වන තාක්ෂණය භාවිතා කිරීමට ඔබට හැකියාවක් පවතී නම් එය ඔබට මෙන්ම මුළුමහත් ලෝකයටම ඉටුකරනු ලබන යුතුකමකි.

 

 

 

 

 

 

 

 

by  Sachini Sooriyaarachchi

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner