අලුත්ම Google pixel 4 ජංගම දුරකථන

අලුත්ම Google pixel 4 ජංගම දුරකථන

ad-bannerඅලුත් ලෝකය

Published on 3/14/2020

114 Views

මෑත කාලයේ දැඩි ලෙස කතාබහට ලක්වුනු ජංගම දුරකථනයක් තමයි google pixel 4 ජංගම දුරකථනය කියන්නේ. එහි සතු soli Chip එකක් අන්තර්ගත වන අතර fingerprint sensor එක වෙනුවට face unlock තාක්ෂණය භාවිතා කිරීමට කටයුතු කර තිබීමයි. Pixel 4 ජංගම දුරකථනය දුරකතනය Snapdragon 855 Chipset එකකින් බලගැන්වෙන අතර 6 GB RAM එකකින් සමන්විත වෙනවා. soli radar chip එක භාවිතා කරමින් ජංගම දුරකථනය touch කිරීමකින් තොරව ගීත මාරුවීම එලාම් එක නැවතීමේ ඇමතුමක් ලැබෙන විට දුරකථනය silent කිරීම වැනි කටයුතු කිරීමේ හැකියාව තියෙනවා.

 

මෙහි අන්තර්ගත වන sensors භාවිතා කරමින් motion sense නම් වූ පහසුකම් නිර්මාණය කිරීමට මොවුන් කටයුතු කර ඇති අතර pixel 4 ජංගම දුරකථනය අතට ගන්නා විට motion sense හරහා කැමරා එක සහ face unlock සඳහා වන අනෙකුත් sensor සූදානම් කරනු ලබන නිසාවෙන් ඉතාමත් වේගවත් ආරක්ෂාකාරී face unlock පහසුකමක්ම ජංගම දුරකථනයදී දැකගත හැකි වෙනවා. Pixel 4 ජංගම දුරකථනය එහි අන්තර්ගත වන කැමරා සහ image processing පිළිබඳව ඉතාමත් ප්‍රසිද්ධියට පත්වන දුරකථන මාලාවක් වන අතර මෙමගින් mobile photography නව මානයකට යොමු කර තිබීමට සමත් සමත්වෙනවා.

මෙතෙක් නිකුත් කළ සෑම pixel ජංගම දුරකතනයකම rear camera එක තනි cam එකක් ලෙස භාවිතා වූ අතර මෙහිදී 12.2MP wide සහ 16 MP ලෙන්ස් එකක් සහිත කැමරා දෙකක් අන්තර්ගත වන අතර astrophotography එහෙමත් නැත්නම් තාරකා හෝ ආකාශ ඡායාරූප ගැනීමේදී මේ කැමරා පද්ධතියට හැකියාවක් තියෙනවා.

බොහෝ වෙලාවට HDR වැනි තාක්ෂණයක් භාවිතා කරනු ලබන විට display එක අපි දකින පෙනුමට වඩා ඡායාරූප ලබාගෙන එය process කළ පසු පෙනුම වෙනස් වන අතර pixel 4 කැමරා එකේදි live HDR හරහා එම බාධා ඉවත් කිරීමට google සමාගම සමත් වෙලා තියෙනවා.

කැමරා එකට අමතරව ඉතා ප්‍රයෝජනවත් වන පහසුකමක් වන පහසුකමක් වන voice recording පහසුකම වෙනුවෙන්ද අලුත් ඇප් එකක් හඳුන්වා දීමට google සමාගම කටයුතු කර ඇති අතර මෙහිදී අදාළ voice record වන අතරම එහි text transcription එකක් නිර්මාණය කර save කර ගැනීමටත් අදාල voice record එක ඇතුලත ඇතිදේ පිළිබඳ සර්ච් කිරීමේ හැකියාවක් ඇතුලත් කිරීමටත් මොවුන් කටයුතු කරලා තියෙනවා. තවත් පහසුකම් රාශියක් සමගින් කීමේ pixel 4 දුරකථනය වෙලඳපළට නිකුත් කිරීමට තීරණය කරලා තියෙනවා.

මේ සියලුම අධි තාක්ෂණික උපාංග සමගින් පරිසර හිතකාමි ලෙස තම නිෂ්පාදන කටයුතු සිදු කිරීම කෙරෙහි ගූගල් සමාගමේ අවධානය යොමුවී ඇති අතර 2022 වන විට ගූගල් සමාගමේ සියළුම නිෂ්පාදන සඳහා ප්‍රතිචක්‍රියකරණය කළ අමුද්‍රව්‍ය යොදා ගැනීමට බලාපොරොත්තුවන බව වාර්තා වෙනවා.

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner