දෛනික වැඩ පහසු කරන අලුත් ඇප්ස් ගැන දැනුවත් වෙමු

දෛනික වැඩ පහසු කරන අලුත් ඇප්ස් ගැන දැනුවත් වෙමු

ad-bannerඅලුත් ලෝකය

Published on 3/17/2020

2264 Views

දිනෙන් දින දියුණුවන තාක්ෂණයත් සමගම පුද්ගලයන්ගේ දෛනික කටයුතු වල පහසුව සඳහා විවිධාකාර සේවාවන් සපයන මෘදුකාංග වර්තමානය වන විට සොයා ගනිමින් පවතී. නිවසේ කාර්යාලයේ පමණක් නොව සෑම කටයුත්තක් ම පහසුවෙන් කරගැනීමට අවශ්‍ය පරිදි මෙම මෘදුකාංග සකස් වී තිබීම විශේශත්වයක්. එවැනි apps කිහිපයක් පිළිබඳව පහතින් දැනුවත් වෙමු.

1. SLTO app

ශ්‍රී ලංකා ෆේස්බුක් පරිවර්තන සමූහය පිළිබඳ නොදන්නා කෙනෙක් නැත. එම සංවිධානය මගින් ෆේස්බුක්, ගූගල් ට්‍රාන්ස්ලේට් වගේ සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවි සහ යෙදුම් වලට අපගේ සිංහල භාෂාව එකතු කිරීමට කැපවූ සංවිධානයක්. ශ්‍රී ලාංකිකයන් වන අපට ආවේනික වූ සමාජ මාධ්‍ය අඩවියක් නොමැති වීම නිසාවෙන් එවැනි ජාලයක් නිර්මාණය කිරීමට පසුබිම සකස් වී ඇත. මෙම සමාජ ජාල වෙබ් යෙදුමට දැනට ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට පමණක් සීමාවන අතර අනාගතයේදී iOS මෙහෙයුම් පද්ධතියටත් හඳුන්වාදීමට බලාපොරොත්තුවක් පවතී. ඔබට මෙම නවතම app එක google play store වෙතින් බාගත කරගත හැකියි.

2. Theatre Sri Lanka app

මෙම theater ශ්‍රී ලංකා නමින් හැඳින්වෙන නවතම ඇප් එක ද වර්තමාන තරුණ පරපුරට වඩාත් වින්දනයක් ගෙන දිය හැකි ඇප් එකක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්. සමහර වෙලාවට අලුතින්ම හදුන්වා දෙන චිත්‍රපටි ඔබ වෙතට එන කොටත් තවත් අලුතින් චිත්‍රපටියක් ඇවිල්ල තියෙන්න පුළුවන්. එම නිසා ඊට විසඳුමක් වශයෙන් අලුතින්ම එන චිත්‍රපට පිළිබඳව මෙම ඇප් එකෙන් ඔබට දැනගත හැකියි. මෙම නවතම ඇප් එක හඳුන්වා දෙන ලද්දේ treinetic ආයතනය විසිනි. චිත්‍රපට රසවින්දනයට ඉහළ රුචිකත්වයක් දක්වන ඔබට මෙම ඇප් එක වඩාත් ප්‍රයෝජනවත් වේවි.

3. data ප්‍රමාණය දැනගැනීමට SLT app

ඔබේ අන්තර්ජාල පැකේජය තුල තව කොතරම් ප්‍රමාණයක් ඩේටා ඉතිරි දැයි දැනගැනීමට ස්මාර්ට් ජංගම දුරකතන සඳහා විශේෂ ඇප් එකක් ලෙස භාවිතා කරන්න පුළුවන්. මෙය දැනට ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සඳහා ක්‍රියා කරනු ලබන අතර ඇපල්, iOS සහිත අයිෆෝන් අයිපෑඩ් උපාංග සඳහාද හඳුන්වා දී ඇත. මෙමගින් ඔබ කොතැනක සිටියත් ඕනෑම අවස්ථාවක real time data usage free space දත්ත, දැනට භාවිතා කර ඇති ඩේටා ප්‍රමාණය ඉතාමත් පහසුවෙන් දැනගැනීමට පුළුවනි.

4. Wifi mouce app

මෙම ඇප් එක හරහා ඔබට ඔබගේ ස්මාර්ට් ෆෝන් එකෙන් ඔබගේ පරිගණකය පාලනය කර ගන්නට පුළුවන්. පහසුවෙන්ම මෙම ඇප් එක තුළින් ඔබේ ෆෝන් එකෙන් ඔබේ පරිගණකයත් පාලනය කරගන්න දැන් ඔබටත් අවස්ථාවක් ලැබී ඇත. මේ සඳහා ඔබට ඇන්ඩ්‍රොයිඩ් හෝ ඇපල් ෆෝන් එකක් හෝ ටැබ් එකක් අවශ්‍ය වේ. මෙම නවතම wifi mouse ඇප් එකත් කාර්යබහුල දිවි පෙවෙතක් ගත කරන තාරුණ්‍යට අනගි බව දැන් ඔබට වැටහේවි.

බලන්න මෙවැනි නවතම apps තුලින් ඔබගේ දෛනික වැඩකටයුතු කෙතරම් පහසු වෙනවාද කියලා. පොඩි පොඩි වැඩ වලට වැය කරන කාලය මෙවැනි ඇප්ස් හරහා ඔබට අඩු කරගනිමින් එම වටිනා කාලය වෙනත් කාර්යයන් සඳහා යොදවා ගැනීමට ඔබටත් පුළුවන්. ඔබත් අදම මෙම අලුත් ඇප්ස් ට්‍රයි කරල බලන්නට අමතක නොකරන්න.

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner