අන්තර් ජාලය හා සබැඳි උපාංග නියාමනය

අන්තර් ජාලය හා සබැඳි උපාංග නියාමනය

ad-bannerඅලුත් ලෝකය

Published on 3/16/2020

99 Views

අන්තර්ජාලයට පිවිසීම හා භාවිතා කිරීමට smartphone tablet computer වගේම ලැප්ටොප් පරිගණකයට අමතරව අන්තර්ජාලය හා සම්බන්ධ ක්‍රියාත්මක උපාංග රාශියක් තියෙනවා. අන්තර්ජාලයට සම්බන්ධ උපාංග යන තේරුම දෙන internet of things නැත්නම් IOT යනුවෙන් හඳුන්වන මේවා අතරට ගැනෙන්නේ smart ස්මාර්ට් බල්බ ස්මාර්ට් ලොක් සෙල්ලම් භාණ්ඩ ආරක්ෂක කැමරා වෙබ් කැමරා ඇතැම් වෛද්‍ය උපකරණ වගේම රෝහල් උපාංග ඩිජිටල් කාඩ් රීඩර් ස්මාර්ට් ශීතකරණ හා ටීවී වැනි දෑ අන්තර්ජාල හා සබැඳි උපාංග වෙනවා. මෙම සෑම උපාංගයක්ම අන්තර්ජාලය හා සම්බන්ධ වීමත් සමගම එයට අනාරක්ෂිත බවක් ඇති වුණා
විශේෂයෙන් හැකර්වරුන් ඒ වෙත පිවිස තොරතුරු උකහා ගැනීමත් හැකර්වරුන්ගේ ප්‍රහාර එල්ල වීමට අවදානම වැඩි වීමත් ඊට හේතුවක්.

එසේම ඇතැම් වෛද්‍ය උපකරණ ඔස්සේ රෝගීන් හඳුනා ගැනීමටත් ඒ අයට අනතුරක් කිරීමට හැකර්වරුන්ට හැකි බව පරීක්ෂකයන් පෙන්වා දී තිබුණා. අන්තර්ජාලය හා සබැදි උපාංග නිෂ්පාදනය කරන්නන් දෙයාකාරයක් බව බ්‍රිතාන්‍ය රජය පෙන්වා දුන්නා. ඒ වගකීම් සහගත සහ වගකීම් විරහිත ලෙස. මෙලෙස වගකීම් විරහිත නිෂ්පාදකයන්ගේ උපාංග භාවිතා කරන මහජනයා පත්වන්නේ අසීරුතාවකටයි.

ඒ අසීරුතාවය මගහරවා ගැනීමට උපකාරී වෙන ආරක්ෂක මාර්ග උපදේශ මාලාවක් මෑතකදී ඔවුන් ඉදිරිපත් කර තිබුණා. ඒ පහත පරිදි.

යම් උපාංගයක ඇති දෝෂයක් පරිගණක ආරක්ෂක විශේෂඥයින් විසින් හඳුනාගනු ලැබූ විට ඒවා ඉක්මනින් දැන්වීම පිණිස නිසි සම්බන්ධ ස්ථානයක් සෑම නිෂ්පාදකයකුම පවත්වාගෙන යායුතුයි.

උපාංගයේ ඇති මෘදුකාංග නිරන්තරයෙන් මෙන්ම ස්වයංක්‍රීයව යාවත්කාලීන කළ යුතු මෙන්ම එය කළ යුත්තේ භාවිතා කරන්නාට පැහැදිලි උපදෙස් සහ විස්තර දන්වා සිටිමින්.

යම් උපාංගයක රැස් කෙරෙන පෞද්ගලික තොරතුරු පහසුවෙන් මකා දැමීමට හැකියාව එය භාවිතා කරන්නාට ලැබෙන සේ උපාංග නිපදවිය යුතු වෙනවා.

උපාංග සම්බන්ධ කර ගැනීමත් එය නඩත්තු කරමින් භාවිතා කිරීමත් භාවිතා කරන්නාට කරගත හැකිවන ලෙස උපාංගය සැලසුම් කළ යුතු වෙනවා.

යම් උපාංගයකට යොදන password එමෙන්ම වෙනත් ඔස්සේ හුවමාරු කෙරෙන දත්ත සියල්ල encrypt කළ යුතුවාක් මෙන්ම උපාංගය ක්‍රියාකාරී ගතිය වෙනස් කළ නොහැකි විය යුතුයි.

මේ මාර්ගඋපදේශ පිළිපදිමින් යම් උපාංගයක් නිෂ්පාදනය කළොත් එය භාවිතාකරන්නාගේ සම්පූර්ණ පාලනයට යටත් වූවක් වෙනවා. එසේම එමගින් පෞද්ගලික තොරතුරු අන් අය අතට යාම වළකිනවා. ඔත්තු බැලීම වළකිනවා. අන්තර්ජාලය හා සබැදි උපාංග ආරක්ෂිත උපාංග බවට පත්වෙනවා

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner