පෘථිවිය ඇස්ට්‍රොයිඩ අවදානමක??

පෘථිවිය ඇස්ට්‍රොයිඩ අවදානමක??

ad-bannerඅලුත් ලෝකය

Published on 11/10/2019

757 Views

මෙම පින්තූරය ඔබ මීට කලින් ඕනෑ තරම් දැකලා ඇති. ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ තමයි මෙම ආවාටය පිහිටලා තිබෙන්නේ.මීට අවුරුදු 50,000 ට විතර කලින්,ඒ කියන්නේ ඩයිනෝසරයන් පෘථිවියේ ජීවත් වන කාලේ පෘථිවියට කඩා වැටුණු උල්කාවකින් තමයි මේ ආවාටය හැදිලා තිබෙන්නේ. මේ පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන්ට අනුව මෙවැනි ආවට පෘථිවිය තවත් තිබෙනවා.මුත් පෘථිවියේ තිබෙන පාංශු ඛාදනය නිසා එම ආවට මැකී යන බවයි ඔවුන්ගේ මතය.කැනඩාවේ කියුබෙක් ප්‍රාන්තයේ එවැනි ආවාටයක් තිබෙනවා නමුත් එය දැන් වැවක් බවට පරිවර්තනය වෙලා.එම විද්‍යාඥයින්ට අනුව සමහර ආවාටවල විශ්කම්භය කිලෝමීටර් හයක් පමණ වෙනවා.ඇරිසෝනාවේ meteor cavity නැතිනම් උල්කාපාතා අවාටය ගැන කතාව පොඩ්ඩකට නතර කරලා මම ඔබෙන් ඇහුවොත් Ben Nevis ගැන දන්නවා ද කියා පිළිතුරු බොහෝවිට නෑ වෙන්න පුළුවන්. Ben Nevis කියන්නේ එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ පිහිටා තිබෙන උසින් වැඩම කඳු වැටියක්.එහි උස මුහුදු මට්ටමේ සිට මීටර් 1,345ක්.අන්තර්ජාලයේ සඳහන් පරිදි Ben Nevis කඳුමුදුනෙහි තිබෙන විශාල ගල් තලාව හෙක්ටයාර 40ක් නැතිනම් අක්කර 100ක් විශාලයි.දැන් ඔබට සිතෙන්න පුළුවන් ඇස්ට්‍රොයිඩ අවදානමක් ගැන Heading එකක් යටතේ මොකටද කඳු වැටි ගැනයි උල්කාපාත ආවාට ගැනයි කියන්නේ කියලා. NASA ආයතනයෙන් විද්‍යාඥයින්ට අනුව ben nevis කඳු කඳුවැටියේ අඩක ප්‍රමාණය සහිත ඇස්ට්‍රොයිඩයක් ගැටීමේ අවදානමක් පෘථිවියට තිබෙනවා.එම ඇස්ටරොයිඩය පැයට සැතපුම් 18,000ක වේගයකින් ගමන් කරන බවයි ඔවුන් පවසන්නේ.481394 2006 SF6 ලෙස නම් කර තිබෙන මෙම ඇස්ටරොයිඩය, පෘථිවිය ආසන්නයට එළැඹෙන නොවැම්බර් මස 21 දින පැමිණෙනු ඇති බව විද්‍යාඥයින්ගේ මතයයි. භයානකම ඇස්ට්‍රොයිඩ ඇපොලෝ (Apollo) ඇස්ට්‍රොයිඩ ලෙස වර්ග කරනවා. මීටර් 650ක් විශාල මෙම ඇස්ටරොයිඩයත් එවැනි එකක්.මීටර් 35ක වටප්‍රමාණයක් සහිත ඇස්ටරොයිඩයකට නගරයකට හානියක් කිරීමේ හැකියාවක් පවතිනවානම්, මීටර් 650ක විශ්කම්භයක් සහිත මෙම ඇස්ටරොයිඩය ජනාකීර්ණ පෙදෙසකට පතිත වුවහොත් සිදුවන හානිය කෙසේ වේදැයි විද්‍යාඥයන් ප්‍රශ්න කරනවා. නමුත් එවැනි ගැටීමක් සිදුවීමේ සම්භාවිතාව වසර 100,000ට 1ක් ලෙසයි සඳහන් වන්නේ. එය පෘථිවියේ නොගැටී ගමන් කරනු ඇති බව විද්‍යාඥයින්ගේ මතයයි. ඒ කෙසේ වෙතත් ඇමෙරිකාවේ NASA ආයතනය සහ ESA (European Space Agency) යන ආයතන එක්ව මේ පිළිබඳව දැඩි විමසිල්ලකින් සොයාබලමින් සිටින බවයි ඔවුන් පවසන්නේ.

 

by Nimanthi Muthukudaarachchi

Photo credits : Internet

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner