ඉන්දියාවේ ආග්‍

ඉන්දියාවේ ආග්‍

ad-bannerගමන් බිමන්

Published on 12/1/2019

369 Views

මෝගල් අධිරාජ්‍ය සමයේ සිට ඉන්දියාවේ බලවත්ම නගරයක් ලෙස සැලකෙන ආග්‍රා නගරය සංචාරක ආකර්ෂණය හිමිකරගත් දර්ශනීය ස්ථාන රැසක උරුමකරුවකු වගේම කිරිගරුඬ නිෂ්පාදනය හා සම් භාණ්ඩ නිෂ්පාදනයට ප්‍රසිද්ධ නගරයක්. ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ යමුනා ගං ඉවුරේ පිහිටි ආග්‍රා නගරයේ භාවිතා වන්නේ භ්‍රාජ් නම් ඉන්දීය උප භාෂාවකි. නමුත් සංචාරකයන් වැඩිපුර ගැවසෙන නිසා ඉන්දියාවේ අනෙක් ප්‍රදේශ වලට සාපේක්ෂව වැඩි වශයෙන් ඉංග්‍රීසි භාෂාවේ භාවිතයක් ආග්‍රා නගරයේ දක්නට ලැබෙනවා. ආග්‍රා කියූ සැනින් බොහෝ දෙනාට මතකයට නැගෙන්නේ ටජ්මහල් මන්දිරයයි. නමුත් ආග්‍රාහි නැරඹිය හැකි තවත් ස්ථාන රාශියක් තිබෙනවා. ආග්‍රා බලකොටුව, ෆටේපූර් සික්රි යන ස්ථාන යුනෙස්කෝ ලෝක උරුම ලෙස නම් කර තිබෙනවා.



*ටජ් මහල් මන්දිරය
ෂා ජහන් රජතුමාගේ හා ඔහුගේ ප්‍රියතම බිසව වූ මුම්ටාස් දේවියගේ ආදර කතාව සිහිපත් කරන මෙම මන්දිරය ලොව ප්‍රසිද්ධම ගොඩනැගිලි වලින් එකක්. සුදු කිරිගරුඬ වලින් නිමවා ඇති ටජ්මහල් මන්දිරය වසර 22ක් පුරාවට විවිධ ශ්‍රමිකයන් 22000ක පමණගේ දායකත්වයෙන් නිමවන ලද්දකි. ආග්‍රා කොටුවේ සිට මෙහි සුන්දරත්වය මනාව නැරඹිය හැක.


*මහා අක්බාර් සොහොන.
වර්ෂ 1526 සිට 1648 දක්වාම ආග්‍රා නගරය මෝ්ගල්වරුන් විසින් සිය අගනගරය ලෙස භාවිතා කරන ලදී. එහි සිටි ශ්‍රේෂ්ඨ අධිරාජ්‍යකු වන අක්බාර් රජතුමාගේ සොහොන ඔහුගේ පුත් ජහන්ගීර් විසින් 1605-1613 කාලයේදී ආග්‍රා නගරයේ සිකන්ද්‍රා උද්‍යානයේ ඉදිකර ඇත. මෝගල් නිර්මාණශිල්පීන්ගේ දස්කම් පෙන්වන මෙම නිර්මාණය අක්කර 119 පුරා පැතිර පවතී.



*ආග්‍රා බලකොටුව
ඉහත කී අක්බාර් රජතුමා විසින් 1573 දී ඉදිකළ මෙම ගොඩනැගිලි මෝගල් පවුලේ මහගෙදර ලෙස සැලකේ. කම්කරුවන් 4000ක පමණ පිරිසක් යොදවා නිමකළ මෙම බලකොටුව නිර්මාණය සදහා වසර 8ක කාලයක් ගතව තිබේ. මෙය ටජ්මහල් තරමටම සංචාරක ආකර්ෂණය ගන්නා ආග්‍රා නගරයේ පිහිටි සුන්දර ස්ථානයකි.
විශේෂයෙන්ම පර්සියාන්නු ගෘහ නිර්මාණය හා බැදුනු මෝගල් සංස්කෘතික ලක්ෂණ ආග්‍රා නගරය පුරාම පැතිර තිබේ.



වසරේ මාර්තු හා නොවැම්බර් මාස වල වැඩිපුර ආග්‍රා නගරය සංචාරකයන්ගේ ආකර්ෂණය ලැබෙන්නේ එහි ඇති සෞම්‍ය කාලගුණ නිසාමයි. එසේම ලාභදායි හෝටල් පහසුකම්ද ඇතුලුව සංචාරක කටයුතු වලට අවශ්‍ය සියලු පහසුකම් පැවතීම ඊට තවත් හේතුවේ. සංචාරක ඍතුවේදී උණුසුම් වායු බැලුන් මගින් මුළු නගරයම ඔවුන්ට උඩුගුවනේ සිට නැරඹීමේ හැකියාව හිමිවනවා. 2019 වසරේ ප්‍රකාශයට පත් කළ ලොව ලාභදායීම සංචාරක ස්ථාන අතරට එක්වන ඉන්දියාවේ ආග්‍රා නගරය ඉන්දියාවේ සංචාරය කරන්නකු විසින් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු නගරයකි.

 

by Dilki Shamini

Photo credits : Internet

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner