කන්නෙලිය - සොබාදහමේ අපූර්වත්වය

කන්නෙලිය - සොබාදහමේ අපූර්වත්වය

ad-bannerගමන් බිමන්

Published on 1/9/2020

145 Views

දූපතක් වන ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ඔබට දිනක් තුළ ගමන් කළ හැකියි.ඔබ දුර ගමනක් ගිය අවස්ථාව ක් සිගියට නගා ගන්න. කොයිතරම් නම් පරිසර විවිධත්වයක් ඔබට දැකිය හැකි වූවාද? එනම් ශ්‍රී ලංකාව යනු ජෛව විවිධත්වය අතින් ඉතා පොහොසත් රටකී. රට තුළ කුඩා භූමි ප්‍රදේශයකට වැඩිම ජෛව විවිධත්වයක් දැකිය හැකි Bio diversity hotspot ප්‍රදේශයක් ලෙස කන්නෙලිය වන අරණ හැදින්විය හැක.


හෙක්ටයාර 10857 වැනි භූමි ප්‍රදේශයක විහිදුණු කන්නෙලිය රක්ෂිතය , මිනිසා හා ජෛව ගෝල සංචිතයක් ලෙස (man and biosphere reserve) යුනෙස්කෝව විසින් 2004 වසරේදී නම් කරන ලදී. කන්නෙලිය , දැදියගල, නාකියාදෙනිය වනාන්තර සංකීර්ණයේ (විශාලත්වය හෙක්ටයාර 53059) දේශීය විදේශීය සංචාරකයන්ගේ වැඩිම අවධානයක් දිනාගැන්මේ හැකියාවට ලක්ව ඇති වනාන්තරය වන්නේ කන්නෙලිය යි.


ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම සිට හිනිදුම මාර්ගයේ කෝරළේ ගමින් හැරී කිලෝමීටර් 15ක් ගමන් කළ පසු කන්නෙලිය වන අරණ හමුවේ . පහතරට තෙත් කලාපීය නිවර්තන වර්ෂා වනාන්තරයක් වන මෙහි වර්ෂාපතනය මිලි ලීටර් 3500 සිට මිලි ලීටර් 4500 ක් දක්වා වේ. දකුණු පළාතේ ගිං ගග හා නිල්වලා ගගට ජලය සපයන කුඩා අතු ගංගා ඇළ මාර්ග 110 ක් පමණ දැකිය හැක. තිරුවානා දොළ ඇල්ල , අනගි මල ඇල්ල , සෝම දොල මෙහි ජල පෝෂක ලෙස ක්‍රියා කරයි.


ශාක විවිධත්වය ගත් කල දකුණු ආසියාවේ වැදගත්ම ස්ථානය කන්නෙලිය ට හිමි වේ. 300 කට අධික ශාක වර්ග සංඛ්‍යාවක් දැකිය හැකි මෙහි ඒ අතරින් 52% ක් ම දැකිය හැක්කේ ලංකාවට ආවේණික ශාක විශේෂ වේ.
වල් දූරියන් , කිරි හැඹිලිය , වල්ල පට්ටා , හොර හැල් ගල් වෙරළු , අරිද්ද ආදී ශාක මෙහි දැකිය හැක. වෙනිවැල් , වේ වැල් අඹ වැනි ආරෝපණ ශාක ද වෙති.

 


කන්නෙලිය ලංකාවට ආවේණික සත්ව විශේෂ 41 ක් ඇතුළු ජෛව විශේෂ 220 කට පමණ උරුමකම් කියයි.
පහත් බිම් ආවේණික මල් විශේෂ වලින් සියයට 17 ක් මෙම වනාන්තර ප්‍රදේශයට පමණක් සීමා වී ඇති හෙයින් මෙම වනාන්තර සංකීර්ණය මල් ආවේණික බවක් පෙන්නුම් කරයි. කේඩීඑන් සංකීර්ණයේ වෘක්ෂලතාදිය ශ්‍රී ලංකාවේ පහත්බිම් වැසි වනාන්තර නියෝජනය කරයි.


වනාන්තර සංකීර්ණය අවට ගම්මාන 7810,000 ක් ජීවත් වෙති. වන වගාව, දැව නොවන නිෂ්පාදන එකතු කිරීම, වී වගාව, තේ, රබර් සහ කුරුඳු වගාවන්, සත්ව පාලනය සහ වෙනත් කෘෂිකාර්මික හා ගෘහ කර්මාන්ත වැනි ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් වනාන්තරය වටා සිදු වේ. නුගෙගොඩ, රාජගල සහ ඩෙඩියගල ආරාම වනාන්තරය තුළ පිහිටා ඇත. 1988 දී අත්හිටුවන තෙක් වනාන්තර සංකීර්ණය දැව කැපීමට ලක් විය. වාසනාවකට මෙන් විශේෂ හා ශාකවල විවිධත්වය බොහෝ දුරට නොවෙනස්ව පවතී. සිංහරාජ වන රක්ෂිතය සහ කේඩීඑන් වනාන්තර සංකීර්ණය අතර වනාන්තර කොරිඩෝවක් වනාන්තර දෙක අතර සත්ව චලනය සඳහා පහසුකම් සැලසීමට සැලසුම් කර ඇත. හරිත-බිල් කූකල්, ශ්‍රී ලංකාවේ නිල් මැග්පී, අළු හිස සහිත සිනාසීමේ සහ සුදු මුහුණැති ස්ටාර්ලිං යනු වඳවීමේ තර්ජනයට ලක්ව ඇති පක්ෂි විශේෂ වේ. මල් විශේෂ වලින් සියයට 27 ක් අවදානමට ලක්විය හැකි අතර 45% ක් දුර්ලභ ශාක කාණ්ඩයට අයත් වේ.


මාර්ගෝපදේශකයකු ගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ පමණක් කන්නෙලිය සංචාරය කළයුතු අතර ඒ සදහා ප්‍රවේශ පත්‍රයක් ද මිළදී ගත යුතුය.

 

 

 

 

 

 

by Lakshani Dhananjalee Lankadhikara

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner