ප්‍රේමණීය රහස් සැඟවූ Lover's Leap

ප්‍රේමණීය රහස් සැඟවූ Lover's Leap

ad-bannerගමන් බිමන්

Published on 1/16/2020

137 Views

Lover's Leap දිය ඇල්ල යනු සිසිල් හා ප්‍රසන්න දේශගුණයකින් දෙස් විදෙස් සංචාරකයන් වසඟ කරවන නුවරඑළිය නගරයට ආසන්නතම දිය ඇල්ලයි. එය නුවරඑළිය නගරයේ සිට කි.මී. 2 ක් පමණ දුරින් හාවාඑළිය ප්‍රදේශයට ආසන්නව (නුවරඑළිය - කන්දපොල පාර) පිහිටා ඇති ඉතා සිත් ඇදගන්නාසුළු දිය ඇල්ලකි.

 

මාරගයේ සිට මෙම ස්ථානයට ළඟා වීමට දළ වශයෙන් මීටර් 250ක් පමණ දුරක් රළු බොරළු සහිත මාර්ගයක ගමන් කළ හැකිය. නැතිනම් ඔබට මාර්ගයෙන් ගමන් කළ හැකිය. එහි මීටර් 400 ක් පමණ ඉහළට පටු තාර පාරක් දිගේ ඇවිද යා යුතු වෙන අතර ඔබට තේ වතුයායක් හරහා කෙටිමඟක් ඔස්සේද ඊට ලඟා විය හැකිය. එය මීටර 400 ක පමණ තරමක් දළ නැගීමකි. කෙසේ වෙතත් එහි යන මාර්ගයේ ඇති මං සලකුණු අනුගමනය කිරීමෙන් සංචාරකයන් හට ඉතා පහසුවෙන් මෙම ගමනාන්තයට ළඟා විය හැකි අතර මාර්ගය අවසානයේ හමු වන ශිව සිද්ධස්ථානයට ඔබ්බෙන් මෙම දිය ඇල්ල දැකගත හැකිය.

 

 

මීටර් 30 ක් උස මෙම දිය ඇල්ල  ශ්‍රී ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල කන්දේ සිට ගලන ජල මුලාශ්‍ර වලින් පෝෂණය වේ. එය දැඩි කළුගල්වල ගැටී  ඇද හැලෙන අතර දැඩි වියළි කාලවල පමණක් එහි ජල ප්‍රමාණයේ පැහැදිලි අඩු වීමක් දක්නට ලැබේ.

 

මෙම දිය ඇල්ලට එම නම ලැබීම පිටුපස සිත් ඇද ගන්නා පුරාවෘත්තයක් තිබේ.  එය රාජකීය කුමාරයෙකුගේ ඛේදජනක කතාවක් වන අතර, ඔහු වරක් වනාන්තරයේ දඩයම් කරමින් සිටියදී  ලස්සන තරුණියක් හමු වී ඇත. ඉන්පසුව එම දෙදෙනා වෙන් කළ නොහැකි පෙම්වතුන් බවට පත්විය. නමුත් මෙම සබඳතාවට රජු සහ රැජින විරුද්ධ වූ අතර අවසානයේදී කුමරා සහ තරුණිය මෙම දිය ඇල්ලෙන් පැන සිය දිවි නසා ගැනීමෙන් ඔවුන්ගේ ආදරය අමරණීය කිරීමට තීරණය කළහ.

 

එතැන් සිට මෙම දිය ඇල්ල Lover's Leap දිය ඇල්ල ලෙස ප්‍රසිද්ධ විය. මෙහි ඉහළට නැගීම තරමක් අපහසු වුවත්, ඉහළට දර්ශනය වන ග්‍රෙගරි වැව ඇතුළු නුවරඑළිය ප්‍රදෙශයේ ඉතා සුන්දර දර්ශන සැලකු විට අපහසුවෙන් හෝ  එහි ඉහළට නැගීම වටී. නමුත් කූඩැල්ලන් මෙන්ම ලිස්සනසුළු ගල් නිසාද  ප්‍රවේශම් වීමට ඔබ වග බලා ගත යුතුය. කෙසේ වෙතත්, නුවරඑළිය  ප්‍රදේශයේ සංචාරය කිරීමේදී මෙම සුන්දර දිය ඇල්ලද ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ස්ථානයක් වේ.

 

 

 

 

 

by D.S.Ishanthi

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner