ලෝක උරුමයක් වූ හැලොන්ග් බේ

ලෝක උරුමයක් වූ හැලොන්ග් බේ

ad-bannerගමන් බිමන්

Published on 1/19/2020

219 Views

වියට්නාමයේ හැලෝන්ග් බේ කියන්නේ ස්වභාවධර්මයේ අපූර්වතම නිර්මාණයක්. එය වියට්නාමයේ ප්‍රධානතම සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙනවා. ලොව පුරාම වෙසෙන මිලියන ගණනක් ජනතාව වාර්ෂිකව මෙම ස්ථානය නැරඹීමට පැමිණෙනවා. වියට්නාම පුරාවෘත්ත වල සඳහන් වෙන්නෙ අතීතයේ ඔවුන්ට ආක්‍රමණිකයන් සමඟ සටන් කිරීමට සිදුවුණු බවත් එහිදී වියට්නාමය ආරක්ෂා කිරීම සඳහා දෙවිවරු විසින් මකරුන්ගේ පවුලක් එවා ඇති බවයි. එම මකරුන්ගේ පවුල මුහුණ දුන් අතිශය ත්‍රාසජනක කතා කථා රාශියක් මගින් බැඳී ඇති වියට්නාමයේ පිහිටි මෙම අතිශය සුන්දර ප්‍රදේශය හැලෝන්ග් බේ ලෙසින් අපට දැක ගැනීමට ලැබෙනවා.

ලෝකය පුරාම සංචාරක ඇස නිතැතින්ම ගැටෙන වියට්නාමයේ වෙරළබඩ සුන්දර ප්‍රදේශය හැලෝන්ග් බේ කියන්නේ. එම ප්‍රදේශය ආශ්‍රිතව හුණුගල් මොනර තිත් දූපත් 1600කට වැඩි ප්‍රමාණයක් දැකගන්නට ලැබෙනවා. කිලෝමීටර් 120 ක් පමණ දිග වෙරළ තීරයකින් සමන්විත මෙම කලාපය වර්ග සැතපුම් හයසීයකට පමණ විශාලත්වයකින් යුක්තයි. ඒ වගේම හැලෝංග් බේ හි තවත් සුවිශේෂී ලක්ෂණයක් හඳුනාගන්න පුළුවන්. ඒ තමයි හුණුගල් දූපත් වල විල් බහුලව පිහිටා තිබීම. ඒ වගේම මෙහි තිබෙන පර්වත කිහිපයක් විශාල කුහර වලින් සමන්විත වීම. හැලෝන්ග් බේ සංචාරය කරන්නකුට අනිවාර්යෙන්ම මෙම කුහර තුළින් ගමන් කිරීමට හා එහි ඇති සුන්දරත්වය නැරඹීමටත් අවස්ථාව ලැබෙනවා.

 


මෙම ප්‍රදේශ නිවර්තන දේශගුණ බලපෑම යටතේ වසර මිලියන විස්සකට අධික කාලයක් නිරාවරණය වීම නිසා තමයි මේවා නිර්මාණය වීමට පටන් අරන් තියෙන්නේ. මෙම බොක්ක තුළ තිබෙන හුණුගල් වසර බිලියන 500ක් පමණ ඉතිහාසයට උරුමකම් කියනවා.

වෙරළබඩ කලාපය වගේම මෙම ප්‍රදේශයත් වෘක්ෂ ලතා පිරුණු ස්වභාවය ධර්මයේ අපූරු නිර්මාණයක්. ඒ නිසාම තමයි යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමය ප්‍රදේශයක් ලෙස 1994 වසරේදී මෙය නම් කර තිබෙන්නේ. මෙහි ඊට ආවේනික මල් වර්ග දාහතරක් පමණ මෙන්ම ඊට ආවේණික සත්ත්ව විශේෂ 60ක් පමණ දැනට සොයාගෙන තිබෙනවා. වියට්නාම භාෂාව හැලෝන්ග් බේ හි රාජ්‍ය භාෂා. ඒ වගේම දෙවන බස වන්නේ ඉංග්‍රීසි භාෂාවයි. එය වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින අතර ඒ හැරුණු විට ප්‍රංශ චීන ජර්මන් හා වෙනත් කඳුකර භාෂාවන් ද භාවිතයට ගන්නා පිරිස් මෙහි දක්නට ලැබෙනවා. වියට්නාම් ඩොං නම් මුදල් ඒකකය මෙහි භාවිතා කරන මූල්‍ය ඒකකය බවට පත්ව තිබෙනවා.

ලොව පුරා සංචාරය කරන්නකු අනිවාර්යෙන්ම සංචාරය කළ යුතු ස්ථානයක් තමයි හැලෝංග් බොක්ක කියන්නේ.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner