ඓතිහාසික ආර්මේනියාව

ඓතිහාසික ආර්මේනියාව

ad-bannerගමන් බිමන්

Published on 2/4/2020

93 Views

2019 වසරේ ප්‍රකාශයට පත්කළ පත් කළ ලොව අඩුම වියදම් සංචාරක ගමනාන්ත ලැයිස්තුවට එක් වන තවත් ගමනාන්තයක් තමයි ආර්මේනියාව කියන්නේ. මේ ඒ පිළිබඳ සටහනක්. ස්වභාවිකත්වය හා බද්ධ වූ නිසාම යුරෝපයේ හොඳම රහස සඟවා තබා ගන්නා රට ආර්මේනියාව ලෙස සලකනු ලබනවා. දහවල වන විට ඇසර්බරින් මායිම ආසන්නව පිහිටි කඳුකර ගම්මානයෙන් අහසට නැගෙන දුම් රොටු දිස්වෙනවා.මෙය අපූරු දර්ශනයක්. ඒවා නගිනු ලබන්නේ ලහි ලහියේ පවුල් පිටින් එක්වී කෙරෙන බාබකිව් පිසීම් නිසාමයි. එහිදී සාම්ප්‍රදායික ආර්මේනියානු ඇඳුමෙන් සැරසුණු මිනිසුන් සහ ඔවුන්ගේ කීකරු පුතුන් මස් පිසිනු ලබනවා. ගල් අඟුරු උදුන් මත මරා පිරිසිදු කරන ලද විශාල කුකුල් මස් සහ බැටළු මස් කුට්ටිය එලනු ලබන අතර ගිනි පිඹීම පිරිමි දරුවන් විසින් කරනු ලබනවා. එසේම හිරු බැස යන සන්ධ්‍යාවේදී අත් බැඳගෙන පාද සොලවමින් දේශීය සංගීතයට අනුව චෙස්නට් පලතුරු ගස් යට සාම්ප්‍රදායික නර්තන යෙදීමද සුවිශේෂී දර්ශනයක් වෙනවා.

ඔක්තෝම්බර් පළමු දින පවත්වනු ලබන සාම්ප්‍රධායික මිදි වයින් සහ පලතුරු සහිත ආහාරය වයින් මංගල්‍යයද විශේෂයි.ඔබ රැඳී සිටින්නේ වයින් දේශයක යන්න සිහිගන්වන අඩි විස්සක් පමණ උසින් යුතු වයින් බෝතලයක්ද මෙහි සුලභ දසුනක් වෙනවා. මේ ජේත්තුකාර වයින් බෝතලය යෙරවන් ගුවන්තොටුපලේ පිටත පර්යන්තය රඳවා තිබෙනවා. ප්‍රධාන වශයෙන් මුස්ලිම් ජනතාවක් වෙසෙන තුර්කිය සහ ඉරානය සහ අසර්බයිජානය අතරට කොටුවී සිටින මෙහි මිනිසුන් මත්පැන් ලෝලීන් වෙනවා. ලොව උසස්ම තත්වයේ බ්‍රැන්ඩි නිෂ්පාදන සිදුවන්නේ ආමේනියාවේයි.

ශ්‍රේෂ්ඨ ඉතිහාසයකට උරුමකම් කියන ආර්මේනියාව ලොව පිහිටි පැරණිතම රටවල් වලින් එකක්. එහි සුන්දර දර්ශන නොඅඩුව දක්නට ලැබෙනවා. මේ සැඟවුණු දේශයේ සුන්දර දර්ශන නැරඹීම සඳහා සංචාරකයන් නොකඩවා පැමිණෙනවා. එලෙස නැරඹීමට පැමිණෙන ප්‍රධාන නගරයක් තමයි යෙරවන් නගරය. ආමේනියාවේ අග නගරය වන්නේ මෙයයි. එහි නොගොස් සංචාරය අංග සම්පූර්ණ එකක් වන්නේ නැහැ. සංචාරය කිරීම සඳහා පමණක් නොව ගවේෂණය සඳහාද මෙම නගරය ඉතාම සුදුසුයි. වීදි වල කෙරෙන සංචාරද ඉතා ප්‍රීතිමත් අත්දැකීම් එක් කරන අතර කඳුලැලි මතක නැගී හාත්පසින්ම පෙනෙන දර්ශන නැරඹීමටත් නොයෙකුත් කෞතුකාගාර නැරඹීමටත් ඒවාට අමතරව රසවත් දේශීය ආහාරපාන රස විඳීමටත් මෙහි සංචාරය කරන්නකුට හැකියාව ලැබෙනවා.

ඒ වගේම වයොට්ස් ඩෝර් පළාතේ පිහිටි නොරාවන්ක් ගෝර්ජිය ගවේෂණය සඳහා යොදාගත හැකි තවත් අපූරු ගමනාන්තයක්. සිත් ඇද බැඳ තබාගන්නා ගුහා තුළින් ඇවිද පුරාණ වයින් නිෂ්පාදනාගාර නරඹන්න හැකියාව ලැබෙනවා. චාල්කොලිතික් යුගයේ සිට පැවත එන ප්‍රාග් ඓතිහාසික පා ආවරණයද මෙහි ගවේෂණය කළ හැකි වෙනවා. ඒ වගේම උකුස්සන් රාජාලියන් ඇතුළු විවිධාකාර පක්ෂීන් විශේෂ ද සුලභ දර්ශනයක් වෙනවා.

 

 

by Dilki Shamani

Photo Source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner