චීනයෙන් පිටත පළමු කොරෝනා මරණය පිලිපීනයෙන්

චීනයෙන් පිටත පළමු කොරෝනා මරණය පිලිපීනයෙන්

ad-bannerවිදේශීය

Published on 2/2/2020

140 Views

කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පළමු චීන නොවන පුද්ගලයා වාර්තා වී තිබේ. ඒ පිලිපීනයෙනි.

 


ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන, පිලිපීනයේ සිටින ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත රබීන්ද්‍ර අභයසිංහ මහතා පවසන්නේ මෙම රෝගියා චීනයේ වූහාන්හි සිට පැමිණි පුද්ගලයෙකු වන බවයි.

 


මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය ප්‍රමාණය 304 දක්වා ඉහළ ගොස් ඇති අතර ඔවුන්ගෙන් බහුතරයක් වූහාන් නගරය ප්‍රධාන හුබෙයි ප්‍රාන්තයෙන් වාර්තා වන මරණ වේ.

 


මේ වනවිට වෛරසය ආසාදිත වූවන්ගෙ ප්‍රමාණය 14,000 ඉක්මවා තිබේ.

 

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner