ඇමරිකා ධවල මන්දිරය ඉදිරිපස මළ සිරුරු ගොඩගසයි (PHOTOS)

ඇමරිකා ධවල මන්දිරය ඉදිරිපස මළ සිරුරු ගොඩගසයි (PHOTOS)

ad-bannerවිදේශීය

Published on 5/21/2020

1776 Views

ඇමරිකා එක්සත් ජනපදය තුළ COVID19 පාලනය කිරීමට ට්‍රම්ප් රජය අපොහොසත් වීම හේතුවෙන් කෝපකාරී වූ ඇමරිකානුවන් ධවල මන්දිරය ඉදිරිපස අවමගුල් පෙරහැරක ස්වරූපයෙන් විරෝධතා පවත්වා තිබෙනවා.

 

‍වොෂින්ටනයේ ධවල මන්දිරය ඉදිරිපිට පැවැත්වූ මෙම අවමංගල්‍ය පෙරහර ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත්වුණා.

 

මෝටර් රථ සිය ගණනක් ශ්‍රාමික ජනාධිපති වරයාගේ නිල නිවස ඉදිරිපිට වීදි පුරා සැරිසරමින් නලා හඬවමින් මළසිරුරු පාලන බෑග් උද්‍යානයේ තැනින් තැන තබමින් ධවල මන්දිරයේ ඉදිරිපිට පැවැත්වූ මෙම විරෝධතාවය අමුතුම හැඩයක් ගෙන තිබුණා.

 

"ජනාධිපතිවරයෙකුට මිනි වල කීයක් කර ගත හැකිද?" යන්න සඳහන් කරමින් විවිධ පුවරු ඔසවාගෙන පිටු උදෙසා කරුවන් විරෝධය දක්වමින් සිටියා. විරෝධතාවය නම් කර තිබුණේ "වැලපීමේ දිනය" ලෙසයි.

 

ලොව වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තාවීම ගෞරවයක් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණා.

 

ඇමෙරිකාවෙන් කොරෝනා රෝගීන් මිලියන 1.5 ක් වාර්තා වන අතර සිදුව ඇති මරණ අනූ දෙදහසකට අධිකයි.

 

ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ වාර්තා වලට අනුව ඇමෙරිකාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවයි සඳහන් වන්නේ.

 

වෛරසය ආරම්භවීමෙන් අනතුරුව ට්‍රම්ප් සිය පළමු කැබිනට් රැස්වීම පසුගිය සදුදා පළමුවරට පැවැත්වූවා.

 

මෙසේ රෝගීන් වැඩිවීම අයහපත් දෙයක් නොවන බවත් එය ගෞරවයක් බවත් එහිදී ඇමෙරිකා ජනාධිපතිවරයා කියාසිටියා.

 

ඔහු වැඩිදුරටත් කියාසිටියේ එමඟින් පිළිබිඹු වන්නේ ඇමෙරිකාවේ පරීක්ෂණවාර්තා ඉහළ ගුණාත්මක භාවයකින් යුක්ත වන බවයි.

 

 

 

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner