ට්‍රම්ප් ඇමෙරිකා ප්‍රාන්ත 50 ම යළි විවෘත කරයි

ට්‍රම්ප් ඇමෙරිකා ප්‍රාන්ත 50 ම යළි විවෘත කරයි

ad-bannerවිදේශීය

Published on 5/21/2020

157 Views

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් වැසුණු ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50 මේ වනවිට යම් ප්‍රමාණයකට විවෘත කර ඇත.

 

කෙසේ නමුත් ප්‍රාන්ත එකින් එකට එම ප්‍රාන්තවල සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ, සීමා ලිහිල් කිරීම හා නීති රෙගුලාසි වෙනස් වේ.

 


ඇතැම් ප්‍රාන්තවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩිවෙමින් තිබෙන අතර ඇතැම් ප්‍රාන්තවල ආසාදිතයන් සහ මරණ වාර්තා වීම් අඩුවෙමින් තිබේ. ඒ අතර ප්‍රාන්ත කිහිපයක කොරෝනා ආසාදිතයන් සහ වාර්තා වන මරණ පැවැති තත්ත්වයේම පවතී.

 

කෙසේ නමුත් තවමත් වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් සහ වැඩිම කොරෝනා ආසාදිත මරණ ගණනක් වාර්තා වන රට වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.

 

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රට විවෘත කරමින් ආර්ථික කටයුතු ආරම්භ කිරීමට සැරැසුණ ද වෛද්‍යවරු මෙන්ම සෞඛ්‍ය විශේෂඥයෝ තවමත් රට විවෘත කිරීමට සුදුසු නැතැයි අනතුරු අඟවති. මේ තත්ත්වය හේතුවෙන් ප්‍රාන්ත ආණ්ඩුකාරවරුද දැඩි අර්බුදයකට මුහුණ පා සිටිති.

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner