කොරෝනා, වසංගතයක් නොවෙයි - ලෝක සෞඛ්‍ය සංවිධානය

කොරෝනා, වසංගතයක් නොවෙයි - ලෝක සෞඛ්‍ය සංවිධානය

ad-bannerවිදේශීය

Published on 2/5/2020

395 Views

චීනයෙන් පැතිරී යන නව කොරෝනා වෛරසය තවමත් වසංගත තත්ත්වක් දක්වා දුරදිග ගොස් නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි.

 

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වසංගතයක් යනු ලොව පුරා නව රෝගයක් පැතිරී යාමයි. නව කොරෝනා වෛරසයෙන් මේ වනවිට ආසාදිත බවට තහවුරු වූවන් 20,000ක් ඉක්මා තිබුණත්, ඒ වැඩි පිරිස වාර්තා වන්නේ චීනයෙනි. එමෙන්ම මේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් මියගිය පිරිස 492ක් වන අතර, ඉන් 425ක්ම චීනයෙනි.

 

නව කොරෝනා වෛරසය පැතිරුණු රාජ්‍යයන් ලෙස තවමත් අප්‍රිකාව හෝ ලතින් ඇමෙරිකානු රටවල් සඳහන් නොවන අතර, ආසියානු හා යුරෝපා රටවල් කිහිපයක වෛරසය පැතිරී තිබුණත් එයද තවමත් ඉතා සුළු වශයෙනි.

 

අද දිනයේ තවත් ආසියානු රටවල් තුනක් ලෙස සිංගප්පූරුව, මැලේසියාව සහ තායිලන්තය යන රටවලින් කොරෝනා ආසාදිතයන් වාර්තා වූ අතර, ඔවුන් චීනයට නොපැමිණි අය වීමද විශේෂත්වයකි.

 

නව කොරෝනා වෛරසය දරුණු ශ්වසන ආසාදන ඇති කරන අතර, රෝග ලක්ෂණ සාමාන්‍ය උණකින් ආරම්භ වන අතර, වියළි කැස්සක් ඇති වනවා.

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner