චීනයට තවත් (H5N1) වසංගතයක් - කුකුළන් 18,000 ක් මරාදමයි

චීනයට තවත් (H5N1) වසංගතයක් - කුකුළන් 18,000 ක් මරාදමයි

ad-bannerවිදේශීය

Published on 2/2/2020

672 Views

නව කොරෝනා වෙෙරසයට සේම තවත් වසංගත වෙෙරසයක් නිසා චීනයේ හුනාන් පළාතද කැළඹෙන්නට පටන් ගෙන තිබෙනවා.

 

හුනාන් පළාතේ H5N1 කුරුළු උණ රෝග පැතිරයාමෙන් පසු චීනය කුකුළන් 18,000 ක් මරා දැමුුවා.

 

චීනයේ මධ්‍යම හුනාන් පළාතේ නගරයක H5N1 කුරුළු උණ පැතිරීමෙන් පසු කුකුළන් 18,000 කට ආසන්න ප්‍රමාණයක් මරා දැමූ බවයි චීන කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ.

 

මෙම වසංගත තත්වය අාරම්භ වූයේ කවදාදැයි ඒම නිවේදනයේ සදහන් නොවන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.

 

කොරෝනා වයිරස් තත්වයේ වන ලෙස සැලකෙන කේන්ද්‍රස්ථානය හුබෙයි පළාත අසල හුනාන් පළාතද පිහිටා තිබීම විශේෂත්වයක්.

 

සත්ව ගොවිපෙළක කුකුළන් 7850කින් කුකුළන් 4500ක් මෙම රෝගය හේතුවෙන් මරණයට තිබෙනවා.

 

මේ අතර ඉන්දියාවෙන්ද H5N1 රෝගය වාර්තා වන අතර එහි කුරුළු ගොවිපොළක සිටි කුරුල්ලන් 21060කින් කුරුල්ලන් 5634ක් මෙම රෝගයෙන් මරණයට පත්වුණා.

 

කෙසේ වෙතත් මේ දක්වා H5N1 හේතුවෙන් මිනිස් ජීවිත හානි වාර්තා නොවෙයි. H5N1 හේතුවෙන් මේ දක්වා ලෝකයේ ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයන් සංඛ්‍යාව 455කි.

 

මේ අතර H1N1 කුරුණු උණ රෝගයද මේ වන විට ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. ඒ හේතුවෙන් තායිවානය තුළ පමණක් පසුගිය සතියක කාලය තුළ මරණ 13ක් වාර්තා වී තිබෙනවා.

 

කෙසේ වෙතත් H1N1 හේතුවෙන් වැඩිම බලපෑමක් සිදුව ඇති රට වන්නේ ඇමෙරිකාවයි.

 

රෝග පාලනය කිරීමේ හා වැළැක්වීම් මධ්‍යස්ථාන නිල ට්විටර් ගිණුමට අනුව H1N1 හේතුවෙන් ඇමෙරිකාව තුළ පමණක් අවම වශයෙන් පුද්ගලයන් 10000ක් 2019 ඔක්තෝබර් 01 දා සිට 2020 ජනවාරි 25 දා අතර කාර්තුවේදී ජීවිතක්ෂයට පවත්ව ඇති බව සඳහන් වෙයි.

 

එසේම එම කාර්තුවේදී  ඇමෙරිකාවේ මිලියන 19කට අධික සංඛ්‍යාවකට මෙම රෝගය ආසාදනය වී ඇති බවත් ඔවුන්ගෙන් පුද්ගලයන් 180000ක් පමණ රෝහල්ගතව ඇති බවත් එම මධ්‍යස්ථාන වැඩිදුරටත් සඳහන් කරයි.

 

 

2003 සිට එච් 5 එන් 1 කුරුළු උණ ලොව පුරා පුද්ගලයින් 455 දෙනෙකු මිය ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner