කොරෝනා වෛරසය ආසාදිත ගැබිණි මව්වරුන් එකවර දරුවන් 115ක් බිහිකරයි

කොරෝනා වෛරසය ආසාදිත ගැබිණි මව්වරුන් එකවර දරුවන් 115ක් බිහිකරයි

ad-bannerවිදේශීය

Published on 5/25/2020

189 Views

ඉන්දියාවේ මුම්බායි නගරයේ රෝහලක, කොරෝනා වෛරසය ආසාදිත ගැබිණි මව්වරුන් නිරෝගී දරුවන් සියයකට අධික සංඛ්‍යාවක් ප්‍රසූත කර ඇති බව වාර්තා වනවා.

 


මුම්බායි නුවර රෝහලක පසුගිය මාසය ඇතුළත සිදු වූ දරු උපත්වලින් 115ක් කොරෝනාවෛරසය ආසාදිත මව්වරුන් විසින් සිදු කරනු ලැබ ඇති බව සදහන්.

 


එම බිළින්දන් 115 දෙනාගෙන් තිදෙනෙකුට පමණක් උපතේදීම කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණු බව පරීක්ෂණ වලින් තහවුරු වී ඇති බව ද වාර්තා වනවා.

 


එම ළදරුවන් තිදෙනා ද පසුව සුවය ලබා ඇතැයි එම රෝහලේ වෛද්‍යවරු පවසා ඇති අතර කොරෝනා වෛරසය අසාදනය වූ ගැබිණි කාන්තාවන් දෙදෙනෙකු එම රෝහලේදී මරණයට පත්වී ඇති බව ද වාර්තා වනවා.

 


මෙම ආසාදිත මව්වරුන් සිදුකළ දරු උපත්වලින් අඩක් සිසේරියන් සැත්කම් හරහා සිදු වී තිබීමද විශේෂත්වයක්.

 


මේ අතර ගර්භණි කාලයේ සති 28 න් පසු කුස තුළ මිය යන දරුවන් එනම් මළ දරු උපත් සහ උපතින් දින 7 ක් තුළ සිදුවන බිළිඳු මරණ අඩුකිරීම අතින් ශ්‍රී ලංකාව විශිෂ්ට තත්ත්වයක් ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසනවා.

 

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner