පවුලේ නාමයට අපකීර්තියක් ගෙන දෙන අය ඝාතනය කරන්නට පියාට නීතියෙන් ලැබුණු බලය

පවුලේ නාමයට අපකීර්තියක් ගෙන දෙන අය ඝාතනය කරන්නට පියාට නීතියෙන් ලැබුණු බලය

ad-bannerවිදේශීය

Published on 5/28/2020

106 Views

තම 14 හැවිරිදි දියණිය ඝාතනය කල ඉරාන ජාතිකයෙක් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මේ අපරාධය සම්බන්ධයෙන් එරට ජාතික පුවත්පත් විශේෂයෙන් වාර්තා කර තිබූ අතර එරට බොහෝ පිරිස් මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරමින් සිටිනවා.

 

මියගිය Romina Ashrafi තම 35 හැවිරිදි පෙම්වතා සමග නිවසින් පැන ගොස් ඇත්තේ ඇගේ පියා මෙම විවාහයට විරුද්ධත්වය පෑම හේතුවෙනි. පියා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරව පොලිසිය ඇය නැවත යවා තිබෙනවා.

 

නිවසට පැමිණි ඇය පියා විසින් ඝාතනය කර තිබෙන්නේ දෑකැත්තක් වැනි ආයුධයකින් බව සමාජ මාධ්‍ය වල සඳහන් වනවා.

 

පර්සියාවේ #Romina_Ashrafi ඇතුල‍ත් ට්විටර් පණිවිඩ 50 000කට වඩා සටහන් තබා තිබෙනවා.

 

අවසානයක් දකින්නට නොමැති මේ ආකාරයේ ඝාතන සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධාන දැඩි විරෝධය පළ කරමින් සිටිනවා.

 

පවුලේ නාමයට අපකීර්තියක් ගෙන දෙන පුද්ගලයන් ඝාතනය කරන්නට එරට මුස්ලිම් නීතිය අනුව පියාට බලය හිමි වනවා.

 

 

 

 

 

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner