ශ්‍රී ලංකාවට තහනම් දැමූ කටාර්වල එක් දිනකදී කොරොනා රෝගීන් 238ක් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවට තහනම් දැමූ කටාර්වල එක් දිනකදී කොරොනා රෝගීන් 238ක් වාර්තා වෙයි

ad-bannerවිදේශීය

Published on 3/11/2020

315 Views

අද දිනයේදී කටාර් විසින් කොරොනා වයිරස් රෝගීන් 238 ක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

 

කටාර්හි මේ වන විට තහවුරු වී ඇති කොරෝනා වයිරස් රෝගීන් සංඛ්‍යාව 262 කි.

 

කටාර් සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ තහවුරු කරන ලද සියලුම රෝගීන් ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර බෝවන රෝග මධ්‍යස්ථානයේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා බවයි.

 

පසුගිය සතියේ කටාර් රටවල් 14 කින් සංචාරකයින්ට ඇතුළුවීම තාවකාලිකව තහනම් කළා.

 

බංග්ලාදේශය, චීනය, ඊජිප්තුව, ඉන්දියාව, ඉරානය, ඉරාකය, ලෙබනනය, නේපාලය, පාකිස්තානය, පිලිපීනය, දකුණු කොරියාව, ශ්‍රී ලංකාව, සිරියාව සහ තායිලන්තය යන රටවල් ඊට අයත් වනවා.

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner