UPDATE : නව කොරෝනා මරණ 492යි - ආසාදිතයින් 24,545යි-  සුවය ලැබූවන් 892යි

UPDATE : නව කොරෝනා මරණ 492යි - ආසාදිතයින් 24,545යි- සුවය ලැබූවන් 892යි

ad-bannerවිදේශීය

Published on 2/5/2020

185 Views

නව කොරෝනා වෛරසය ආසාදනය සිදුව ඇති මරණ සංඛ්‍යාව ඊයේ (04දා) දිනය අවසන් වනවිට 492ක් ලෙස වාර්තා වන අතර, වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ ප්‍රමාණය 24,545ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

 

කෙසේ වෙතත් වෛරසය ආසාදනය වීමෙන් පසුව සුවය ලබා ඇති පිරිසද ඊයේ දිනය අවසන් වනවිට 892ක් දක්වා වර්ධනය වුණා.

 

වෛරසය ආසාදනය වීමෙන් චීනය තුළ පමණක් පුද්ගලයන් 490ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පුද්ගල මරණ දෙකක් පිලිපීනයෙන් සහ හොංකොං වෙතින් වාර්තා වේ. එමෙන්ම ආසාදිත පුද්ගලයන්ගෙන්ද 24,363ක් චීනයෙන්ද, 182ක් විදෙස් රටවලින්ද වාර්තා වනවා.

 

චීන සෞඛ්‍ය කොමිසමේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව පෙරේදා (03දා) දිනය අවසන් වනවිට මරණ සංඛ්‍යාව 427ක් වූ අතර, ආසාදිතයන් සංඛ්‍යාව 20,471ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

 

ඒ අනුව ඊයේ දිනයේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 65ක් වන අතර, සුවය ලැබූවන් 260කි. එමෙන්ම ඊයේ දිනයේ ආසාදිතයන් 4,000 ඉක්මවා තිබෙනවා.

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner