චීනය තවත් ගොඩනැගිලි තුනක් රෝහල් බවට පත් කරයි

චීනය තවත් ගොඩනැගිලි තුනක් රෝහල් බවට පත් කරයි

ad-bannerවිදේශීය

Published on 2/6/2020

290 Views

චීනයේ මධ්‍යම හුබෙයි පළාතේ වුහාන් හි ප්‍රදර්ශන මධ්‍යස්ථානයක් කම්කරුවන් විසින් ඇඳන් සකස් රෝහලක් බවට පරිවර්තනය කළා.

 

ව්‍යායාම ශාලාවක් සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයක් ඇතුළුව දැනට පවතින ස්ථාන තුනක් රෝහල් බවට පරිවර්තනය කිරීමට සැලසුම් කර ඇති බව වුහාන් රජය පවසයි.

 

නව කොරෝනා වයිරසයේ මෘදු රෝග ලක්ෂණ ඇති රෝගීන් මේ ස්ථාන වල රදවා තැබෙනවා.

 

නව කොෙරෝනා වෛරසය පිළිබඳව සමාජ මාධ්‍යවල පැතිර යන අසත්‍ය තොරතුරු වසංගතය මැඩපැවැත්වීමට ගන්නා උත්සාහයන්ට බාධා කරන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

 

මේ දක්වා වේගයෙන් ගමන් කරන මෙම රෝගය පුද්ගලයින් 20,000 කට වැඩි පිරිසකට ආසාදනය වී ඇති අතර අවම වශයෙන් 500 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

 

අති විශාල රෝගීන් සංඛ්‍යාවක් සහ මරණ දෙකක් හැර අනෙක් සියල්ලම සිදුව ඇත්තේ චීනයේ යි.

 

සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ රෝග වසංගතයකටත් වඩා ඉක්මනින් තොරතුරු වසංගතයක් ජනනය කිරීමට ඉඩ ඇති බවයි.

 

මෙය අසාමාන්‍ය දෙයක් නොවේ, ඔවුන් පැහැදිලි කරන්නේ, වෙෙරසයක් ආරම්භයේ දී, රෝගයේ ස්වභාවය සහ එයින් ඇති විය හැකි අවදානම් පිළිබඳව බොහෝ දේ නොදන්නා නිසා මෙය සිදුවන බවයි.

 

අවාසනාවකට මෙන්, ඔවුන් පවසන්නේ පිළිතුරු සෙවීමට පෙර බොහෝ විට වැරදි තොරතුරු හා හානිකර කටකතා ඇති කරන බවයි.

 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය බෝවෙන උපද්‍රව සූදානම් කිරීමේ ඒකකයේ අධ්‍යක්ෂකවරයා වන්නේ සිල්වි බ්‍රයන්ඩ් යි.  සමාජ මාධ්‍යවල පැතිර යන අසත්‍ය තොරතුරු හා කටකතා සමඟ කටයුතු කිරීමට උත්සාහ කිරීම අභියෝගාත්මක බව ඇය පවසයි.

 

 

 

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner